මහ මැතිවරණයට තරග කරන්නේ නිදහස් සන්ධානයෙන්

ඉදිරි මහ මැතිවරණයට තරග කරනවා නම් තරග කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඉදිරි මහමැතිවරණයට කම්කරු පක්‍ෂයෙන් තරග කරන බවට පැතිර යන ප‍්‍රචාරය සත්‍යයක් දැයි එහිදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිසට ඇඟිල්ල තබා ”‍මගේ ඔළුව හොඳ නෑ කියලා හිතනවාද”‍ රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදියාගෙන් විමසීය.හිටපු ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ස්තූති කිරීම වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (19දා) පැවැත්වූ හමුවකින් අනතුරුවය.

ඔහු ප‍්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව දින සියය තුළ සිදු කරන්නේ තමන්ට හිතැත්තන් සහ පවුලේ උදවිය අල්ලස් කොමිසමටත්, අලූ‍තෙන් බිහිකළ විශේෂ මූල්‍ය චෝදනා විමර්ශන ඒකකයටත්, අපරාධ විමර්ශන කොට්ඨාසයටත් ගෙනයෑම පමණක් බවය. එසේම අද සිවිල් වැරැුදි අපරාධ වැරැුදි ලෙස සැලකීමටත් ආණ්ඩුව කටයුතු කිරීම මහා අපරාධයක් සේම එය පළිගැනීමක් පමණක් බවත් රාජපක්‍ෂ මහතා පැවැසීය.

අරහෙන් කොටි නිදහස් කරනවා. මෙහෙන් මගේ ආරක්ෂාව අඩුකරනවා බොහොම හොඳයි, බොහොම හොඳයි අපි බලමු”‍ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය.

පොළොන්නරුව දිස්ත‍්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවේදීද ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අගමැති අපේක්‍ෂකයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පත්කළ යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන ඇත.

Share this