නගරාධිපති කෙල්ලෙක්ගෙ සාය උස්සලා

සුළු වශයෙන් සොරකම් කිරීමේ වරදක් නොමැති බව ප්‍රකාශ කිරීමෙන් මෙයට පෙර පුවත් මැවූ මෙක්සිකෝවේ San Blas නුවර නගරාධිපතිවරයා වන Hilario Ramirez Villanueva විසින් සිය උපන්දින සාදය අතරතුරේදී සිදු කරන ලද නොමනා ක්‍රියාවක් සම්බන්ධයෙන් නැවතත් කතාබහට ලක්ව තිබේ. 

සිය උපන්දින සාදයට පැමිණි 50,000ක පමණ සෙනගක් මධ්‍යයේ 18 වියේ නව යොවුන් තරුණියකගේ ගවුම නගරාධිපතිවරයා විසින් ඔසවා ඇති අතර එම ක්‍රියාව කාන්තා සංවිධාන වල බලවත් විවේචනයට ලක්ව තිබේ.


Share this