සුමංගල හිමිට රට ගමන් තහනම්

පන්නිපිටිය දෙවුරම් විහාරාධිපති හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන් සිය විහාරස්ථානයේ අලි පැටවුන් නීතියට පටහැණි ලෙස රඳවා තබාගැනීම සම්බන්ධ නඩුව අද විභාගයට ගැනුණා. ඒ අනුව කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් පස් දෙනකු බලපත‍්‍ර රහිතව ළඟ තබා ගත්තැයි චෝදනාව එම හිමියන්ට එල්ලවී ඇත.

නඩුවේ මූලික කරුණු විමසීමෙන් පසුව සුමංගල හිමි ඉදිරියේදී නඩුවට අවශ්‍ය බවත් ඒ නිසා හිමියන් විදේශ ගත වන්නේ නම් අධිකරණයේ අවසරය ලබා ගන්නා ලෙසත් ඒ හිමියන්ට දන්වන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) පොලිසියට දැනුම් දුන්නේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අලි රොෂාන් යළි රිමාන්ඞ් කරනු ලැබීය.

Share this