ටොයිලට්වල AC සවිකරගෙන ඉන්නවා නම් ඒක වැරදියි - නයිට් ක්ලබ් සීමා කරනවා


  • තාත්තා  ජනාධිපති වුනොත් දුව කරන ඒවා  - තිස්ස අතත්නායකගේ දුව දුල්මි කියන කතා



  • නයිට් ක්ලබ් සීමා කරනවා.



  • ඉන්නේ අරලියගහ මන්දිරයද ජනාධිපති මන්දිරය කියලා තාත්තට තෝරගන්න දෙනවා



  • ගණිකා වෘත්තිය නීතිගත කරන්නේ නැහැ


මම ජනාධිපති දුවෙක් වුණොත් කරන පළමු වැනිම දේ තමා ලංකාවේ හොඳ Universities ඇති කරන එක. විශේෂයෙන් Private Universities. මොකද ලංකාවේ ගොඩක් ශිෂ්‍යයෝ පිටරට ගිහින් තමා ඉගෙන ගන්නේ. මමත් එහෙමයි. අපේ ලංකාවේ හොඳ Universities තියෙනවා නම් එහෙම වෙන්නෙ නැහැ. ඒ වගේම ලංකාවේ අම්මලා තාත්තලගේ සල්ලි නිකරුණේ නාස්ති වෙන්නෙත් නැහැ. ඒ නිසා අපේ තාත්තා ජනාධිපති වුණොත් කරන ප‍්‍රධානම දෙයක් තමා රටේ සල්ලි එළියට නොයන විදියට Universities ඇති කරන එක.

Young ක‍්‍රවුඩ් එකට රස්සාවල් දෙනවා.
Young ක‍්‍රවුඩ් එකට රස්සාවල් නැති එක අපේ රටේ අද තියෙන ලොකු ප‍්‍රශ්නයක්. ඒකට අපි විසඳුමක් ගේන්න  ඕන. ඒ සඳහා විශේෂයෙන් ආර්ථිකය දියුණු කරලා Young ක‍්‍රවුඩ් එකට රස්සාවල් ලැබෙන විදියේ වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න  ඕන.


තරුණ සංවිධාන හදන්නේ නැහැ.
මම ජනාධිපති දුවෙක් වුණා කියලා කිසිම තරුණ සංවිධානයක් හදන්නේ නැහැ. මම තනියෙන් මට පුළුවන් හැටියට වැඩ කරගන්නවා. ඒ වගේම යූ. එන්. පී. එකේ හෝ වෙනත්  ඕනම පක්‍ෂයක ඉන්න ජ්‍යෙෂ්ඨයන්ගෙන් උදවු අරගෙන ඒ වැඩපිළිවෙළ ඉස්සරහට ගෙනියන්න අධිෂ්ඨාන කරගන්නවා.


ළමයින්ගේ හා කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරනවා.
සෞඛ්‍ය පැත්තෙන් අපේ ලංකාවේ ජනතාව සියයට 30කට වගේ තමා යම් ස්ටෑන්ඩඩ් එකක් තියෙන්නේ. ඉතිරි සියයට 70ම ශරීර සෞඛ්‍ය අතින් පල්ලෙහා මට්ටමක ඉන්නේ. මම ජනාධිපති දුවෙක් වුණොත්
ළමයින්ගේ හා කාන්තාවන්ගේ සෞඛ්‍ය ගොඩක් හොඳට හදන්න වැඩපිළිවෙළක් හදනවා. ඔවුන්ට හොඳ අනාගතයක් හැදීම අවශ්‍යයි.


නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරනවා.
නීතිය කාටත් සාධරණය ඉටුවෙන ආකාරයෙන් හරියටම ක‍්‍රියාත්මක විය යුතුයි. හොඳම එක්සාම්පල් එක තමා මගේ තාත්තාට චෝදනා ඉදිරිපත් කරලා හිරේ දැම්මා. ඒක අකුරටම නීතිය ක‍්‍රියාත්මක කළා කියනවනේ. ඉතින් මම බලාගෙන ඉන්නවා ඉස්සරහටත් ඔය චෝදනා තියෙන අය හිරේට දායි කියලා. මම ජනාධිපති දුවෙක් වුණොත් එහෙමයි කියලා නීතිය ක‍්‍රියාත්මක කරන්න මට බැහැ. ඒක තාත්තට අයිති දෙයක්. ඒත් ඒක හරියටම ක‍්‍රියාත්මක කරන්න කියලා මම තාත්තට බලපෑම් කරනවා.
තාත්තගේ උපන් ගමට සේවය කරනවා.

මම ඉපදුණේ කොළඹ. හැබැයි තාත්තා මිනිපේ. තාත්තා ජනාධිපති වුණොත් අනිවාර්යයෙන්ම ඔහුගේ ගමට සේවය කළ යුතුයි. විශේෂයෙන් තාත්තගේ ගමේ අධ්‍යාපනය, සෞඛ්‍යය පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒවා වැඩිදියුණු කරලා ගම සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා ගමේ ළමයටත් කොළඹ ළමයට වගේ ඉන්ග්ලිෂ් වලින්  ඉගෙන ගන්න අවස්ථාව දිය යුතුයි කියලා. අපේ ක්ලාස් සිස්ටම් එක හැදෙන්නේ ඉන්ග්ලිෂ්වලින්. එතකොට ගමේ ළමයෙක් හොඳට ඉන්ග්ලිෂ් කතා කරද්දි ඒ ක්ලාස් සිස්ටම් එක නැති වෙලා යනවා. ජොබ් හැදෙනවා. ඒක අනිවාර්යයෙන් විය යුතුයි කියලා මම හිතනවා.


ජනතාවගේ මුදල් නාස්ති කරන්නේ නැහැ.
ජනාධිපති කියන්නේ මිනිසුන්ට සේවය කරන ප‍්‍රධානම පුරවැසියා. මම හිතන්නෙ නැහැ එයා මිනිසුන්ගේ දේවල්  ඕනෑවට වඩා පාවිච්චි කරන එක හරි කියලා. එයා ටොයිලට්ස්වලත් AC හයි කරලා සැප ගන්නවා නම් ටොයිලට්ස් නැති මිනිස්සු ලංකාවේ කොච්චර ඉන්නවද කියලා හිතන්න  ඕන. ඒ නිසා ජනතාවගේ මුදල් නාස්ති කරන්න හොඳ නැහැ. ඒ සල්ලි ඩොනේට් කරලා මිනිසුන්ට හොඳ දෙයක් කරන්න  ඕන.

අනාගතයේ ජනාධිපති කෙනෙක් වෙන්න පාර කපා ගන්නේ නැහැ.
මම කවදාවත් දේශපාලනයට එන්න හිතන්නේ නැහැ. ඒ වගේම මට අනාගතයේ ජනාධිපති කෙනෙක් වෙන්න වුවමනාවකුත් නැහැ. ඒ සඳහා අවශ්‍ය මඟ පාදා ගැනීමක් කරන්නෙත් නැහැ. මම හිතනවා දැන් ඉන්න ජනාධිපති හා කලින් හිටපු ජනාධිපතිවරු හැමෝම හොඳ පුද්ගලයෝ කියලා. ඔවුන් සියලූ‍දෙනා සමඟ එකතු වෙලා රටට හොඳක් කරනවා මිසක් ජනාධිපති කෙනෙක් වෙන්න මගෙ බලාපොරොත්තුවක් නැහැ.

නයිට් ක්ලබ් සීමා කරනවා.
අපේ රටේ සංස්කෘතිය අනුව නයිට් ක්ලබ් වගේ දේවල් තියෙනවට මම කැමැති නැහැ. මොකද අපේ රට සිංහල බෞද්ධ රටක්. නමුත් අපේ රටට ෆොරිනර්ස්ලා එනවනේ. ඒ නිසා ඒ වගේ දේවල් අවශ්‍යයි. හැබැයි ලංකාවේ සංස්කෘතිය කවුරුහරි නැති කරන්න හැදුවොත් ඒකට විරුද්ධව පෙනී සිටිනවා. අපේ රටේ ආගම් ආරක්‍ෂා කරන්න  ඕන. ෆොරිනර්ස්ලා ආවත් අපේ රටේ සංස්කෘතිය අනුව ඉන්න  ඕන. ඒ නිසා මම හිතවා නයිට් ක්ලබ් වගේ දේවල් සීමා කරන්න  ඕන කියලා.


ජනාධිපති නිල වාහන පාවිච්චි කරන්නේ නැහැ.
අපි සාමාන්‍ය මිනිස්සු. ජනාධිපති නිල වාහන කිසිවක් අපට අවශ්‍ය නැහැ. අපිට පුළුවන් විදියට අපි ජීවත් වෙනවා. තාත්තා අමාරුවෙන් හදාගත්ත ගෞරවය, ඒ වගේම අවුරුදු ගාණක පොලිටිකල් ලයිෆ් එකත් එක්ක එයාගේ බලතල පාවිච්චි කළාට ළමයි ඒ දේවල් පාවිච්චි කරන්න  ඕන නැහැ.
අරලියගහ මන්දිරයද ජනාධිපති මන්දිරය කියලා තාත්තට තෝරගන්න දෙනවා.
තාත්තා ජනාධිපති වුණොත් ඉන්නේ කොහෙද කියන එක එයාට තෝරගන්න ඉඩ දෙනවා. තාත්තා කොහෙද ඉන්නේ අපි එතැන ඉන්නවා.


මාධ්‍යයට බලපෑම් කරන්නේ නැහැ.
ජනාධිපති දුවක් වුණා කියලා මාධ්‍යයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මාධ්‍ය නිදහස වෙනුවෙන් සම්පූර්ණයෙන්ම පෙනී සිටිනවා. මොකද මාධ්‍ය නිදහස ලංකාවේ තියෙන්න  ඕන. එතකොට තමයි ජනතාවට ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නේ.


තාත්තගේ බලය පෙන්නන්න යන්නේ නැහැ.
තාත්තගේ බලය කවදාවත් මම අයුතු විදියට පාවිච්චි කරන්නේ නැහැ. මගේ තාත්තා හිරේ ඉන්නවා බලන්න ගියහමයි මිනිස්සු මාව අඳුරගත්තේ තිස්ස අත්තනායකගේ දුව කියලා. නැත්නම් මිනිස්සු දන්නෙ නැහැ. ඒ වගේම තාත්තා ජනාධිපති වුණොත් බලය කවදාවත් අයුතු විදියට මම පාවිච්චි කරන්නේ නැහැ.
කැම්පස්වල රැග් එක නවත්වනවා.

මම ලංකාවේ Universityවලට ගිහිල්ලා නැහැ. හැබැයි මම England වල ගියපු Universityවල අලූ‍ත් students ආපුහාම සීනියර්ස්ලා මාර ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේ තත්ත්වයක් ලංකාවෙත් ඇති කරන්න  ඕන. නීති හරියට ගෙනල්ලා, රැග් කරන ළමයින්ට පනිෂ් කරලා රැග් එක නවත්වන්න ලොකු වැඩපිළිවෙළක් ගේනවා.

ගණිකා වෘත්තිය නීතිගත කරන්නේ නැහැ.
ලංකාවේ සංස්කෘතියත් එක්ක ගණිකා වෘත්තිය නීතිගත කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ කාන්තාවන්ට පාට් ටයිම් ජොබ් වැඩි කරන්න  ඕන කියලා. අපේ රට බෞද්ධ රටක්. ඒ වගේම මුස්ලිම්, දෙමළ කියන්නෙත් ගැහැනු අයව ආරක්‍ෂා කරන ආගම් දෙකක්. එහෙම තියෙද්දි ලංකාවට කොහෙත්ම ගණිකා වෘත්තිය නීතිගත කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ.

Share this