රට අවශ්‍ය රජෙක් නොව සැබෑ මිනිසෙක්- ජනපති

ලංකාවට ජාතික ආණ්ඩුවක් : ජනපති ජාතිය අමතයි 
නව ජනපති අගමැති මල්වතු අස්ගිරි මනාහිමිවරුන් බැහැදැකී  


ඓතිහාසික මහනුවර දළදා මාළිගාවේ පත්තිරිප්පු අසළ ඉදිකළ විශේෂ පීඨිකාවක් මත සිට නව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජාතිය අමතා කළ කතාව 


ඔබ සැමට තෙරුවන් සරණයි, අති පූජනීය වූත් වන්දනීය ගෞරවනීය ත්‍රෛ නිකායික මහා සංඝරත්නයෙන් අවසරයි. මා හිතවත් රාජිත සේනාරත්න, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාවුෆ් හකීම්, විඡෙ–දාස රාජපක්ෂ හිටපු ඇමතිවරු හා මන්ත‍්‍රීවරු ඇතුළු සියළුම මහජන නියෝජිතවරුණි. හිතවතුනි, මිත‍්‍රවරුණි, දෙමාපියනි, දරුවනි. 

මේ ආකාරයෙන් දළදා මන්දිරය අසළ සිට ආදරණීය ජනතාව ඇමතීමට ලැබීම මා මෙන්ම පොදු ජනතාව ලැබූ ඉමහත් භාග්‍යයක් ලෙස සළකනවා. පසුගිය අටවැනිදා පැවති මේ රටේ ප‍්‍රධාන සේවකයා තෝරාගැනීමේ ජනාධිපතිවරණයෙන් මා වෙත විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් කරුණු පදනම් කරගෙන ලබාදුන් මේ රටේ ආදරණීය ජනතාවට මා මගේ ස්තූතිය පිරිනමනවා 


අපේ ජයග‍්‍රහණයට, රටේ සහ පොදු මහජනයාගේ ජයග‍්‍රහණයට ඡුන්දය දුන් වගේම ප‍්‍රතිවාදී අපේක්ෂකයන්ට ඡන්දය දුන් හා ඡන්දය භාවිතා නොකළ මගේ ආදරණීය ජනතාවට මා ආදරණීය ස්තූතිය පිරිනමනවා. අපිට සාමකාමීව මේ ජයග‍්‍රහණය මේ රට තුළ අවශ්‍ය දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික පරිවර්ථනයන් රාශියකට ඉවහල්වේයැයි සිතනවා 

සබ්බ පාපස්ස් අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන ශාසනං අපි හැමතිස්සේ ම යපහත් සිතුවිලි වලින් කටයතු කිරීම අවශ්‍යයි. යහපත් මානව වාදී ප‍්‍රබුද්ධ සමාජයක් ගොඩනැගීමට එය ඉවහල් වනවා. අප ආදරය කළ යුත්තේ මිනිසුන්ට පමනක් නොවේ මිනිසුන් සහ සියළු සත්ත්වයන්ට, ඉර හඳ ඇතුළු සියළු සොබා ධර්මයට අප ආදරය කළ යුතුයි. ඒවා ආරක්ෂා කළ යුතුයි. 

මේ ඓතිහාසික පුදබිමේ සිට මා පාර්ලිමේන්තුව නියෝජනය කරණ සියළු දේශපාලන පක්ෂවලට ආරාධනා කරනවා අපේ පොදු ජනතාව. රටේ අනාගතය අද ජීවත්වන අයට වගේම හෙට උපදින දරුවන් සඳහා නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින් නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීමට ශක්තිමත් ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මා සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට ගෞරවයෙන් ආරාධනා කරනවා අප හා එක්වන ලෙසට මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවේන මේ ඉල්ලීම මෙරට සියලූ‍ දේශපාලන පක්ෂ පිළිගනීවියැයි මා විශ්වාස කරනවා. 

ජනතාවගේ දුක දුප්පත් බව ආර්ථික අපහසුතා දුරු කිරීමට මේ බඩු මිල පීඩනයක් බව මා දන්නවා. දුගී බව දුප්පත් කම තුරන් කර පොදු ජනතාවට අවශ්‍ය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය පියවර මා මුලින්ම ගන්නා බව කිව යුතුයි. ඒ වගේ ම මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් කළ ආකාරයට විධායක ජනාධිපති සතුව ඇති අසීමිත බලතල පාර්ලිමේන්තුවට, අධිකරණයට ස්වාධීන කොමිසන් සභා වලටත් රාජ්‍ය සේවයටත් ලබාදීමට කටයුතු කරන බව මා මගේ ආදරණීය ජනතාවට ප‍්‍රතිඥා දෙනවා. 

අපිට අපේ රට වෙනුවෙන් කළ යුතු කාර්යයන් රාශියක් තියෙනවා. විශේෂයෙන් ම ජාතික වශයෙන් අනන්‍යථාව තහවුරුකර ගැනීම තුළ අන්තර්ජාතික වශයෙන් පුළුල් මිත‍්‍රත්වයක් ගොඩනගාගැනීම අවශ්‍ය බව පෙනී යනවා. සියළු රවටල් සමග මිත‍්‍රත්වය, සුහදත්වය වැඩකරගෙන ඔවුන්ගේ සහය ලබාගෙන අපේ මාතෘ භූමියත් ජනතාවගේ සංවර්ධනයත් වෙනුවෙන් සෑඹ ක‍්‍රියාවක්ම කරමින් කටයුතු කරන බව සහතික වනවා බෞද්ධ රටක් ලෙස සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන අතර හින්දු, ඉස්ලාමිය, කතෝලික සෑම ආගමකම අයිතිය නිදහස තහවුරු කරමින් අපේ රට තුළ ආගමික සංහිදියාවක් ජාතීන් අතර සංහිදියාවක් ඇති කරමින් ජනතාවගේ සංහිදියාව ඇතිකරමින් විනයගරුක බව හික්මීම ඇතිකරමින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව කිව යුතුයි 

කෘෂිකාර්මික රටක් ලෙස අපේ ජාතික ආර්ථිකය රදා පවතින්නේ ගොවි ආර්ථිකය ශක්තිමත් වූ විටයි. ඒ සඳහා ගොවියන්ට කෘෂි ක්ෂේත්‍රෙය් ඇතිවිය යුතු අවශ්‍ය වෙනස්කම් නවීන තාක්ෂණය අනුව සිදුකරමින් මේ රටේ දේශීය ගොවියා ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකය පුළුල්ව ශක්තිමත් කිරීමට අප කටයුතු කරන බව පැහැදිලිව කිව යුතුයි. 

මේ රටේ පිරිහී ඇති රාජ්‍ය සේවය ප‍්‍රබුද්ධ රාජ්‍ය සේවයක් බවට පත්කිරීමටත්, සාමහ හා නීතිය රකින පොලිසිය මධ්‍යස්ථ සේවයක් කිරීමත් අපේ යුතුකමක් වනවා. රජ්‍ය සේවය පුබුද්ධ සේවයක් බවට පත්කිරීම වගේම ඔවුන්ට තම සේවය වඩාත් තෘප්තිමත්ව කිරීමට අවශ්‍ය සියලූ‍ ක‍්‍රියාමාර්ග ගැනීමට අවශ්‍යයි. ඒ වගේම පුද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 50ට අදික අයට යහපත් හෙටදවසක් ඇතිකරමින් ආර්ථිකය ගොනැගීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ කියනවා. 

විදේශ විනිමය මෙරටට ලබා දෙමින් විදෙස් රටවල සේවය කරන ලක්ෂ 25 ට අධික ගෘහසේවකයන් ඇතුළු අනිකුත් සියලූ‍ දෙනාට යහපත් හෙට දවසක් උදාකරමින් තවත් ශක්තිමත් කිරීමට පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව ද කිව යුතුයි. 

දින සියයේ වැඩසටහන ක‍්‍රියාත්මක කරමින් ප‍්‍රබුද්ධ මෙහෙවරක් සිදුකිරීමට සැම විටම ක‍්‍රියාත්මක කරන බව සඳහන් කළ යුතුයි. අපේ රටේ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන වංචා, දූෂණ අල්ලස් සියල්ල තුරන් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සදාචාර සම්පන්න සමාජයක් බිහිකිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද කිව යුතුයි. 

මේ වගේ පුණ්‍ය දිනයක සංඝරත්නය ද පෙරටු කරගෙන ආදරණීය ජනතාව ඉදිරියේ කළ මේ සියල්ල හෘද සාක්ෂියට අනුව ඉටු කිරීමට මා සහතික වන බව ප‍්‍රතඥා දෙවනවා. 

අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව සැබෑ මිනිසෙක් බව කිව යුතුයි. ඒ අනුව සැබෑ මිනිසකු ලෙස ඔබගේ සේවකයකු ලෙස කටයුතු කරනවා. 

මේ මා තරඟ කළ පළමු ජනාධිපතිවරණය වගේ ම අවසන් ජනාධිපතිවරණය බවත් මා කිව යුතුයි. ඒ නිසා මට ලැබී ඇති තනතුරේ බලය බෙදීමත්, ජනතාවට සමීප වීමත් ඒ වගේම ඔබ වෙනුවෙන් මුළු මහත් රට වෙනුවේන් රටේ ජනතාව වෙනුවෙන් කළ යුතු දෑ කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බව ද කියනවා. 

අවසාන වශයෙන් මා කියා සිටිනවා. මේ ජයග‍්‍රහණය සැබෑ ජයග‍්‍රහණයක් වන්නේ සියළු දෙනා සාමකාමීව කටයුතු කිරීමෙනුයි. 

පසුගිය දින දෙකේ දී රටේ තැන තැන සුළු සුළු සිද්ධි කිහිපයක් ඇති වුණා. ඒ වෙලාවේ අපි පොලිසියට උපදෙස් දුන්නා සාමය ආරක්ෂා කරමින් ජනතාව සන්සුන්ව තැබීමට උත්සාහ ගන්නා ලෙස. 

ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමෙන් දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවා ජාතික ආර්ථිකයක් බිහිකිරීමට කටයුතු කරනවා. නිදහස් රාජ්‍ය සේවයත්, අපක්ෂපාතී පොලිස් සේවයත් අපේ වගකීමක්. පෞද්ගලික අංශයේ සේවකයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගන්නවා. 

මා මේ තරග කළ පළමු මෙන්ම අවසන් ජනපතිවරණයයි. තනතුරේ බලය බෙදීමත්, ජනතාවට සෙනෙහෙබර වීමත්, මුළු මහත් ජාතිය වෙනුවෙන් මෙන්ම රට වෙනුවෙන් කළ යුතු කාර්යය කිරිමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. ජයග‍්‍රහණයෙන් සාමකාමීව කටයුතු කරන්න. යනුවෙන්ද ජාතිය අමතමින් ජනපතිවරයා පැවැසීය. 

අපි දේශපාලන පක්ෂ වශයෙන් බෙදෙන්නේ නැතිව සැබෑ මිනිසුන් ලෙස කටයුතු කිරීම අවශ්‍යයි. සමාජයේ ප‍්‍රගමණය සඳහා ඉදිරි සමාාජයේ වර්ධනය සඳහා තිබෙන බාධාව සැබෑ මිනිසුන්ගේ නිහඬ බව අපි අසා තිබෙනාව. ඒ නිසා සැබෑ මිනිසුනේ ආදරණීය දෙමාපියනි. දරුවනේ ඔබේ යහපත් බව අවදි කරන්න, එය සැබෑ හඬක් බවට පත්කරන්න. 

අපි සාදාචාර ලෙස ජීවත් වෙමින් අපේ රාජ්‍යය ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවන ප‍්‍රබුද්ධ රටක් බවට පත්කරන්න වෙහෙසෙමු. ඔබ සැමට ස්තූතියි, තෙරුවන් සරණයි.සියලු ඡායාරූප මෙතනින් 























Share this