ගෝඨා බෝට්ටුවකින් මාලදිවයිනට පනින්න හදලා

ගෝඨාභය රාජපක්ෂ ගාලු වරායේ සිට මුහුදු මාර්ගයෙන් අද (13) උදෑසන 3.30ට පමණ මාලදිවයිනට පැන යාමට උත්සාහ ගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ. අධි සුඛෝපභෝගී බෝට්ටුවක් මගින් මෙසේ පැනයාමට උත්සාහ ගෙන ඇති අතර ඒ සදහා ඔහුගේ සමීපතමයෙකුගේ බෝට්ටුවක් පිළියෙල කොට තිබූ බවටද තොරතුරු වාර්තාවේ.

මෙම බෝට්ටුව අධිවේගයෙන් ගාලු වරාර ආසන්න මුහුදේ සිට දියඹට දියත් කරනු දුටු පොලිස් නිලධාරියෙකු විසින් ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝට්ටුව පසුපස හඹාගොස් නතර කොට ඇත.

අදාළ බෝට්ටු හිමියාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහු හසුවීමට විනාඩි 10කට පෙර ගෝඨාභයට රාජපක්ෂට දුරකථන ඇමතුමක් හා ඊට පෙර බොහෝ දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ගෙන තිබූ බවත් සටහන්ව ඇති බවද වාර්තාවේ.

එසේම ගෝඨාභය සමග ඔහුගේ සමීපතමයින් 15 දෙනෙකු මේ ගමනට සම්බන්ධවීමට නියමිතව තිබූ බවටද තොරතුරු වාර්තාවේ.

Source - TheIndependent.lk

Share this