ඇපල් සමාගම කාර් නිෂ්පාදනයටත් අත ගසයි

පරිගණක නිෂ්පාදනයේ පෙරළියක් කළ ඇපල් සමාගම මේ වනවිට ඉලෙක්ට්‍රොනික් මෝටර් රථ නිපදවීම කෙරෙහි අවධානය යොමුකොට ඇතැයි වාර්තා වනවා. වසර 2020 දී පමණ නව නිෂ්පාදනය එළිදැක්වීමට ඇපල් සමාගම සූදානම් වන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම නිෂ්පාදනය එළිදැක්වුවහොත් වර්තමානයේදී යොවුන් පරපුර අතර iPhone 6 ජනප්‍රිය වන ලෙසින් එය අනාගතයේදී ජනප්‍රිය වනු ඇතැයි පැවසෙනවා.

මෙම නව නිර්මාණය වෙනුවෙන් මේ වන විටත් 200 ක පමණ කණ්ඩායමක් යොදවා ඇති අතර පසුගිය කාලයේ රොබෝ තාක්ෂණය පිළිබඳව හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබඳව විශේෂඥයන් තම සමාගමට බඳවා ගැනීමට ඇපල් සමාගම කටයුතු කළේ මෙම අරමුණ වෙනුවෙන් බව විදේශ මාධ්‍ය වාර්තා පවසනවා.

Share this