DIG අනුර සේනානායක ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙත භාර දී ඇති බව වාර්තා වනවා. මීට සතියකට පමණ පෙර ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති නමුත් ඒ ගැන මාධ්‍යයට හෙළිවූයේ ඊයේ දිනයේදියි. මේ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක තහවුරු කර ඇත.

අනුර සේනානායක මහතා විශ‍්‍රාම යාමට තවත් මාස ගණනාවක් ඉතිරිව ඇත. එසේ තිබියදී මෙම ඉල්ලා අස්වීම භාරදී තිබීමට හේතුව පැහැදිලි නැත.

පසුගිය රජයේ යම් යම් කුප‍්‍රකට සිද්ධි ගණනාවකටම මොහු සම්බන්ධ බවට මාධ්‍ය වාර්තා පළව තිබුණ අතර අනුර සේනානායක බියගම විලේජ් හෝටලයේ අධිපති ඝාතනයට සම්බන්ධ යැයි ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක ඊයේද පළකර තිබුණා.

කෙසේ වෙතත් එම ප‍්‍රවෘත්තිය අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක දන්වා ඇත.

පසුගියදා අනුර සේනානායකගේ ගායනා ඇතුළත් මාගේ කිරිල්ලී ගීත ප‍්‍රසංගයේ ආදායමින් රුපියල් මිලියන 10ක් (කෝටියක්) ඔහු පොලිස් සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කිරීම මාධ්‍ය මගින් ඉහළින් වාර්තා කර තිබුණි.

Source - Dinamina News Paper

Share this