හරි හෝ වැරදි හෝ මගේ කොල්ලට ඉන්නේ එක කෙල්ලෙයි (ඡායාරූප සහිතයි)

සිය පුත්‍රයා ඉස්සු බාලවයස්කාරිය ගැන රාජිත වමාරයි

දැරියක්‌ පැහැරගෙන රඳවාගෙන සිටින බවට තම පවුල වෙත එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (19 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ය. තමා හඳුනන පුද්ගලයකුගේ දියණියක සමග තම පුතණුවන් මිත්‍රකමක්‌ තිබී ඇති බවත් ඇය තම දෙමාපියන්ගේ කරදර ඉවසාගත නොහැකිව නිවසින් පිටව ගිය බවට එම දැරිය ළමාරක්‍ෂක අධිකාරියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වන බව ඇමැතිවරයා කීය.

මුලින්ම දැරිය තම වැඩිමහල් පුතාගේ නිවසට පැමිණි අවස්‌ථාවේ ඇයව කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවත් ඇයට යළි නිවසට යැමට නොහැකි බව පැවසූ නිසා තම නිවසට පැමිණි බවත් ඇමැතිවරයා කීය.

දැරියගේ පියා ඔහුගේ ව්‍යාපාර කටයුතුවලට මගෙන් සහය ලබාගන්නැයි දැරියට බලපෑම් කර ඇති බවට කට උත්තරයේ සඳහන් වී තිබෙනවා යෑයි ද ඇමැතිවරයා කීය. එයට අකමැති වූ නිසා දැරියට දෙමාපියන් බලපෑම් කර තිබෙනවා යෑයි ද ඇමැතිවරයා කීය.

"මගේ පුතාට තරුණියක්‌ පැහැර ගැනීමට කිසිම උවමනාවක්‌ නැහැ.... අහිංසක දැරියක්‌ නිසයි අප ඇයට කන් දුන්නේ..." යෑයි ඇමැතිවරයා පැවසීය.

තම පවුල වෙත එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්‍ෂේප කරන බව පවසන රාජිත, "හරි හෝ වැරදි හෝ මගේ පුතාට සිටින්නේ එක ගෑණූ ළමයෙක් පමණයි.." යනුවෙන් පැවසූ ඔහු, ඒ පිළිබදව කතා කරන අය දවසට එකගානේ ගෑනු ළමයි සිටින බවත්. දැන් ස්ත්‍රී දූෂකයන් ගෑනු ළමයින් පැහැරගෙන ගිය බවට චෝදනා කරන බව ද පැවසීය.

එමෙන්ම මේ සිද්ධිය පිටුපස සිටින්නේ කවුද යන්න තමා හොඳින් දන්නා බවද ජාවාරම්කරුවන්ට එරෙහිව තමා හඬනගන නිසා තම කට වැසීමට මෙවැනි පහත් ක්‍රියාවන් සිදුකරන බවද ඇමැතිවරයා කියා සිටියේ ය.

මේ සිද්ධි වලින් තමා කිසි විටකත් පසු නොබසින බවත් මේ පුද්ගලයන් මෙහෙයවන ඊට මුදල් වියදම් කරන පිරිස්‌ ගැන ඉදිරියේ දී හෙළිදරව් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

තම දෙවැනි පුතු ගැහැණු දරුවකු පැහැරගෙන ගොස් සඟවාගෙන ඇතැයි මාධ්‍ය මඟින් සිදු කරන අවිනීත අසත්‍ය ප්‍රවෘත්තිය පිළිබඳ සහ එමඟින් තමනට බොරු මඩ ප්‍රචාර එල්ල කරන මාධ්‍ය සම්බන්ධව අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් තමන් සිදු කරන බව ද කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා එම මාධ්‍ය හමුවෙදී වැඩිදුරටත් පැවැසීය.

පහතින් දැක්වෙන ඡායාරූපයන්හි සිටින්නේ රාජිත, සහ ඔහුගේ පුතණුවන් සමඟ එම දැරියයි.




Share this