දුවගේ දරුවා අම්මාගේ බඩේ...!

තම දියණිය අවසාන මොහොතේ කළ ඉල්ලීමට ඉටු කරලමින් ඇයගේ දරුවාට තම කුසයේ ඉඩ ලබාදීමට බි‍්‍රතාන්‍යය ජාතික මවක් සැරසෙන්නීය. මෙම කාන්තාවකගේ දියණිය බරපතල රෝගයකින් පීඩා විදිමින් සිට විසි අවුරුදු පමණ වයස් වන විටදී මියගොස් ඇත. තම රෝගය සුවවූ විට දරුවන් ලැබීමේ අපේක්ෂාවෙන් ඇය තම ඩිම්භ විශේෂ විද්‍යාගාරයක තැන්පත් කිරීමටත් කටයුතු කර තිබේ. මියයන බව දැන තම දියණිය ඇයගේ දරුවන්ට මවක වන්නැයි තමන්ගෙන් ඉල්ලා සිටි බව මේ බි‍්‍රතාන්‍යය ජාතික කාන්තාව කියන්නීය.

ඒ අනුව විද්‍යාගාරයේ තැන්පත් කර තිබෙන ඩිම්භ දායකයෙකුගෙන් ලබාගන්නා ශුක‍්‍රාණු වලින් සංසේචනය කර මෙම කාන්තාවගේ කුසයේ තැන්පත් කිරීම සිදුවනු ඇත.දියණියගේ දරුවාව තම කුසයෙන් රක්ෂා කිරීමට ඇය සැළසුම් කර ඇත්තේ එසේය.

නමුත් බි‍්‍රතාන්‍යයේ වෛද්‍ය ආයතන මේ කටයුත්තට හවුල්වීම ප‍්‍රතික්ෂේප කර ඇත.වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලට පටහැනිවීමද, 59 වැනි වියේ පසුවන මෙම කාන්තාවට දරු ගැබක් දරා සිටීමේ හැකියාව ඉතා අඩු බැවින් ඇයගේ ජීවිතයට මෙන්ම කුසයේ සිටින දරුවාගේ ජීවිතයටද දැඩි අවදානමක් එල්ල වීමද නිසා මේ සඳහා හවුල්වීමට තමන්ගේ කැමැත්තක් නැති බව එම ආයතනයන් පවසා තිබේ.

අවසානයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වෛද්‍ය ආයතනයක් මෙහි වගකීම භාරගැනීමට කැමැත්ත පළ කර ඇත.ඒ පවුම් 60000 ක මුදලකටය.දැන් මෙම කාන්තාව සැරසෙන්නේ ඇමරිකාව බලා යෑමටය.තම දියණියගේ අවසාන ඉල්ලීම කෙසේහෝ සපුරාලීම ඇයගේ අරමුණයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලොව විශාල කතිකාවතක්ද ගොඩ නැගී ඇත.දියණියගේ දරුවාට මව උපත ලබාදීම කිසිසේතම සදාචාරසම්පන්න නොවන බව පවසන වෛද්‍යවරුන් හා පර්යේෂකයින් අතර එය එම කාන්තාවගේ කැමැත්ත බවත් ඇයගේ කැමැත්ත ප‍්‍රශ්න කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් පවසන කණ්ඩායමක්ද සිටී.

මින් පෙර අවස්ථාවක මෙලෙසම මවක් තම දියණියගේ දරුවා දරා සිටීමට තම කුසය ඇයට ලබා දුන්නාය.එකම වෙනස ඇයගේ දියණිය ඒ වන විටත් ජීවත්ව සිටීමය.

මෙම කාන්තාව සාර්ථකව සංසේචිත ඩිම්භ තම කුසයේ තැන්පත් කරගතහොත් මියගිය දියණියකගේ දරුවාට තම කුසය ලබාදුන් ලොව ප‍්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.

Treatment: The woman and her husband will claim it was their daughter’s dying wish that her eggs be fertilised by donor sperm and implanted into her mother’s womb. Above, file image of artificial insemination

Share this