පියාට පස්සේ දුල්මිණි කැමැතිම පුද්ගලයා - එක රැයකින් ජනප්‍රිය කළාට බෑණාවරුන්ටත් ස්තුතියි

දුල්මිණි අත්තනායක කියූ පමණින් දැන් ඇයව නොදන්නා කෙනෙක් නැතිතරම්ය. පසුගියදා මාධ්‍ය ඔස්සේ පෙනි සිටීමත් සමගින් මෙලෙස ප‍්‍රසිද්ධියට පත්වුනු ඇය තිස්ස අත්තනායකගේ දියණියයි.

බන්ධනාගාර ගතව සිටි ඇයගේ පියාගේ සුවදුක් විමසීම සඳහා එහි ගිය අවස්ථාවේ ඇය පිළිබඳව බොහෝ පිරිසක් දැන හැඳින ගත් අතර ඉන් අනතුරව ෆෙස්බුක් ඔස්සේ ඇය සම්බන්ධ කරගනිමින් විවිධ නිර්මාණාත්මක පෝස්ට් පළවන්නට විය.

ඊට අමතරව තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය නමින් පේජයක්ද ෆෙස්බුක් ඔස්සේ නිර්මාණය වූ අතර එයට ඉහළ ප‍්‍රතිචාරද හිමිවිය. කෙසේ නමුත් මේ වන විට දුල්මිණි අත්තනායක විසින් පළවු විවිධ කතා සම්බන්ධයෙන් ඇය සතිඅන්ත පුවත් පතකට අදහස් දක්වා ඇත.

ඇය පවසන්නේ තමන් පිළිබඳව පළවු විවිධ හාස්‍යමය පෝස්ට් ඇය නොදුටු නමුත් ඒවා පිළිබඳව මිතුරන් විසින් විවිධ අවස්ථාවලදී ඇයව දැනුවත් කල බවයි. ඇයගේ චරිතය සම්බන්ධයෙන් මඩ පෝස්ටර් ගසා නොමැති බවත් ඒවා විනෝදය සඳහා කල පළකිරීම් බවත් ඇය එහිදී ප‍්‍රකාශ කොට ඇත.

එමෙන්ම ඇය බෑණාවරුන් සියළු දෙනාමට ස්තූතිය පුදකර ඇති අතර ඒ ඇයව එක් රැුයකින් ජනප‍්‍රිය කල නිසාවෙනි. එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ පියාගෙන් පසු කැමතිම දේශපාලඥයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බවයි.

Share this