පොලිස් කොස්තාපල්වරියකට මරු කැඳවූ මෝටර් සයිකල් අනතුරේ (CCTV) දර්ශන

ගල්කිස්ස, අත්තිඩිය ප‍්‍රධාන මාර්ගයේ කවුඩාන මංසන්ධියේදී පසුගිය අඟහරුවාදා සිදුවූ යතුරු පැදි අනතුරකින් පොලිස් කොස්තාපල්වරියක මිය ගොස් තිදෙනෙකු තුවාල ලැබුවා.
පොලීසිය පැවසුවේ, බෙල්ලන්විල සිට අත්තිඩිය දෙසට ධාවනය කළ යතුරුපැදිය තවත් යතුරු පැදියක ගැටී පසුව ලොරියක්‍ ගැටී ඇති බව ය.
සිද්ධිය වූ අවස්ථාවේ දර්ශන ඒ අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණි.
අනතුරින් මියගොස් ඇත්තේ, මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කළ අනුරුද්ධිකා ප්‍රනාන්දු නමැති කොස්තාපල්වරියකි.
මිය ගිය පොලිස් කොස්තාපල්වරියගේ ස්වාමිපුරුෂයා සහ දරු දෙදෙනා අනතුරින් තුවාල ලැබූ අතර ඔවුහු කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබති. මිය ගිය අනුරුද්ධිකා 45 හැවිරිදි තිදරු මවකි.

එම අනතුරෙහි CCTV දර්ශනය පහතින් නරඹන්න...




Share this