ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටින ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිදගේ සහෝදරයා වන අජිත් මුණසිංහ මහතා නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම වැලැක්වීමට පසුගිය කාලයේ කුමන්ත්‍රණයක් සිදුව ඇති බව පොලිස් මූලස්ථානයේ තොරතුරු අනාවරණය කළේය.
මාස හය හතක කාලයක් තිස්සේ පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ධූර 10කට වැඩි ප්‍රමාණයක පුරප්පාඩු පවතී. මේ වන විට එම නියෝජ්‍ය පොලිස්පතිධුර ලැබීමට සුදුසුකම් සපුරා සිටින්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන් 05දෙනෙක් පමණි.
පොලිස් සේවයේ නොකැලලක් චරිත ලෙස හදුන්වනු ලබන එම නිලධාරීන් වන්නේ පොලිස් සුභසාධන කොට්ඨාශ අධ්යක්ෂ මහින්ද ඒකනායක, දේපොළ කළමනාකරන කොට්ඨාශයේ අධ්යක්ෂ අජිත් මුණසිංහ, පොලිස් විශේෂ කාර්ය බලකායේ වැඩ බලන සේනා විධායක රංජිත් පෙරේරා, විශේෂ කාර්ය බලකායේ ජී.කේ. පෙරේරා සහ පොලිස් මූලස්ථාන අධයක්ෂක එස්.පී. පෙරේරා යන මහත්වරුන් ය.
මෙම නිළධාරීන් අතර අජිත් මුණසිංහ මහතා සිටින බැවින් මාස හයකට වැඩි කාලයක් තිස්සේ නියෝජ්‍ය පොලිස්පතිධූර පුරප්පාඩු පිරවීමට බලධාරීන් පියවර නොගත් අතර පැවති නීතීය හා සමාය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් වන හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා එම නිලධාරීන් පස් දෙනාම නියෝජ්‍ය පොලිස්පති ධූර ලැබීමට සුදුසු නැති බව සටහනක් තබා රටින්ද ගොස් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ඒ සම්බන්ධයෙන් බළධාරීන්ට එරෙහිව නඩු මගට යන ලෙස පොලිස් බළධාරීන්ගෙන් එම නිලදාරීන්ට මේ වන විටත් උපදෙස් ලැබී ඇති අතර එම නිලදාරීන් පොලිස්පතිමගින් බලධාරීන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.