මාළිගාවේ රත්‍රන්වලින් මෝටර් රථය සරසගත් නිලංගට එරෙහිවත් පැමිණිල්ලක්!

දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් දළදා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස කටයුතු කරන නිලංග දෑල බණ්ඩාර'ට විරුද්ධව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට දුෂණ විරෝධී පෙරමුණ ඊයේ (29දා) පැමිණිල්ලක් කළේ ය.

මහනුවර ඇසල පෙරහර භාරය පනතේ වගන්තිවලට පටහැනිව යමින් මහාභාරකාරවරයාගේ හා පෙරහර මණ්ඩලයේ අවසරයකින් තොරව සමාගම් 25කින් මුදල් එක්රැස්කර තිබෙන බවත්, දියවඩන නිළමේවරයාගේ බලතල ඉක්මවා යමින් දළදා මාලිගාවට අයත් උඩගෙදර වත්ත ඉඩම කොටස් කර විකුණා තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

මාලිගයට ලැබෙන රත‍්‍රන් යොදාගෙන නිලංග දෑලබණ්ඩාර මහතාගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයේ අගුලූ, බැනර් ආදිය අලංකාර කර තිබෙන බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

දුෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ, ශිරාල් ලක්තිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

Share this