කේ. ශ‍්‍රී පවන් අගවිනිසුරු ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව අගවිනිසුරු ලෙස කේ. ශ‍‍්‍රී පවන් මහතා අද පස්වරුවේ දිවුරුම් දුන්නා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති මෛත‍‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ  එම දිවුරුමදීම සිදුවු බවයි. කේ. ශ‍‍්‍රී පවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිශ්චකාරවරයා ද වනවා.

ශිරාණී බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විශ‍්‍රාම ගැනීමෙන් පසු මෙම පත්වීම ජනාධිපතිවරයා විසින් සිදු කර තිබේ.නව අගවිනිසුරු පිළිබඳ තොරතුරු බිඳක් පහත දැක්වේ.

අභිනව අගිවිනිසුරු ධුරයේ පත්වී ඇති විනිසුරු කනගසබේපති ජේ ශ‍්‍රීපවන් මහතා ජ්‍යෙෂ්ඨ නීතීඥයෙක් සහ ශේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස සේවය කොට ඇති අතර හිටපු නියෝජ්‍ය නීතිපති සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙසත් වැඩ බලන අගවිනිසුරුවරයෙකු ලෙසත් සේවය කර තිබේ.

1952 පෙබරවාරි 29වනදා යාපයේදී උපත ලබා ඇති ශ‍්‍රීපවන් මහතා යාපනයේ හින්දු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා නීති විද්‍යාලයට ඇතුළත්ව 1976දී පළමු ශේණියේ සමාර්ථයක් සහිතව නීති විභාගය සමත් වී ඇත.

1978 පෙබරවාරි මස 14 වෙනි දින නීතිපති දෙපාර්තමේන්තුවට ඇතුළත්ව වැඩබලන නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා 1989දී ජ්‍යේෂ්ඨ නීතී උපදේශකයෙකු ලෙස පත්වී තිබේ.

1996 වසරේදී  නියෝජ්‍ය නීතිපති ලෙස පත්වීම ලබා අභියාචනාධිකරණයට අදාළ කටයුතු සභාපතිවරයා ලෙසත් සේවය කොට ඇත. නව නීති අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් 1992දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාර්මික නීතිය පිළිබඳව ඩිප්ලෝමාවක්ද ලබා තිබේ. 1992 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේදී නීතිය පිළිබඳ විශේෂ උපාධියක්ද හිමිකරගෙන ඇත.

2002 වසරේ මැයි 29 දින අභියාචනාධිකරණයට විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ  ශ‍්‍රීපවන් මහතා 2007 වසරේදී අභියාචනාධිකරණයේ සභාපති ලෙස පත්විය. ශේෂ්ඨාධිකරණ විනිසුරු නිහාල් ජයසිංහ මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසු ශ‍්‍රීපවන් මහතා 2008 වසරේදී ශේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්විය.




Share this