රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති මැදිරියට පිස්තෝලයක් අරන් පුද්ගලයෙකු ඇතුල් වෙයි

ව්‍යාජ පිස්තෝලයක් රැගෙන නෙදර්ලන්තයේ - හිල්වසම් නුවර ජාතික රූපවාහිනි සේවාවේ ප‍්‍රවෘත්ති විකාශයට බාධා කළ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනා. 

හොඳින් හැඳ පැළඳ දිගු පිස්තෝලයක් රැගෙන ප‍්‍රවෘත්ති මැදිරියට ඇතුලූ වූ ඔහු ප‍්‍රකාශයක් කිරීම සඳහා ගුවන් කාලය ඉල්ලා ඇති බව සඳහන්. 


අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී පසුව හෙළි වූයේ එය ව්‍යාජ පිස්තෝලයක් බවයි. මෙම 19 හැවිරිදි පුද්ගලයාට තර්ජනය කිරීම, ආයුධයක් ළඟ තබා ගැනීම සහ ප‍්‍රාණ ඇපකරුවන් ග‍්‍රහණයට ගැනීමේ චෝදනා එල්ල වී තිබෙනවා. මෙම සිද්ධිය නිසා ඊයේ නෙදර්ලන්ත ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශයක් අත්හිටුවීමට සිදුවුණා.

එහි වීඩියෝව පහතින්...


Share this