බුද්ධගයාවේදී ජපන් යුවතියක් සමූහ දූෂණයකට

ඉන්දියාවේ, බුද්ධගයා ප‍්‍රදේශයේ සංචාරයකට පැමිණි ජපන් ජාතික යුවතියක් දූෂණය කිරීමේ වරදට එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගයා, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 22 හැවිරිදි මෙම ජපන් යුවතිය විශ්ව විද්‍යාල සිසුවියක් වනවා.

ඇයව බලහත්කාරයෙන් රඳවා ගෙන දූෂණය කර ඇති 32 හැවිරිදි සජිඞ් ඛාන් සහ 25 හැවිරිදි ජාවඞ් ඛාන් යන තරුණයන් දෙදෙනා සංචාරක මඟපෙන්වන්නන් ලෙස රැකියාවේ නියුතුව සිට ඇත. මෙම ජපන් යුවතියගේ මඟපෙන්වන්නන් ලෙස කටයුතු කර ඇත්තේද මොවුන් දෙදෙනාය.

දූෂණය නිසා අධික කම්පනයට හා භීතියට පත් වුණු ජපන් යුවතිය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ගයා දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන රෝහල වෙත යවා තිබෙනවා. ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් අයහපත් තත්ත්වයේ පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඉන්දියාව මේ වන විට කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය හා ස්තී‍්‍ර දූෂණ සඳහා ලොව පුරා මහත් ප‍්‍රසිද්ධියක් උසුලන රටක්. දිල්ලි නගරයේදී සමූහ දූෂණයකට ලක් වුණු වෛද්‍ය සිසුවියගේ සිදුවීම ඇතුලූව දේශීය සහ සංචාරය සඳහා ඉන්දියාවට පැමිණි විදේශීය කාන්තාවන් රැසක් පසුගිය වසරේදී එරටදී දූෂණ සිදුවීම්වලට ගොදුරු වුණු බවට වාර්තා වී තිබෙනවා.

Share this