She told us in advance that will hit

අම්මා කලින්ම කිව්වා ළඟදිම හප්ප ගන්නවා කියලා 

නිරූපණ ශිලිපිනියක ලෙස කලා ලෝකයට පා තැබූ රුක්ෂානා දිසානායක, අනතුරුව වෙළෙඳ දැන්වීම් කලාවටත්, ඉන්පසුව ටෙලි නාට්‍ය රංගන ක්‍ෂේත්‍රයටත් පිවිසියා. දිනෙන් දින තමන්ගේ ජනප්‍රියතාව වර්ධනය කරගනිමින් ඉන්නා අතරෙදි රුක්ෂානාට පුංචි කරදරයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා කියලා අපට ආරංචියක් ආවා. මේ, ඒ ගැන රුක්ෂානා සමග කතා කළ විස්තරයයි.

රුක්ෂානා රිය අනතුරකට මුහුණ දුන්නා කියලා ආරංචියක් ආවා. ඒ කතාව ඇත්තද?
ආරංචිය නම් ඇත්ත තමයි. ඒත් මම දැන් හොඳ සනීපෙන් ඉන්නවා.

මොකද්ද සිද්ධ වුණ අනතුර?
මට පසුගිය 15 වැනිදා බණ්ඩාරගම පැත්තේ ටෙලි නාට්‍ය ලොකේෂන් එකකට යන්න වුවමනා වුණා. දකුණු අධිවේගී මාර්ගයේ ගැලනිගම ජ්යඪබ එකෙන් පිටවෙලා මගේ ගමන යන්නයි මම හිටියේ. මම තනියම මගේ වාහනේ පැදගෙන ගියේ. පිටිපස්සෙන් කාර් එකක් ඇවිත් වැදුණා. මගේ වාහනේ ඒ වාහනෙත් හැප්පිලා, අර මං තීරුව වෙන් කරන යකඩ වැටෙත් වැදුණා.

ඒ අනතුර වළක්ව ගන්න බැරි වුණේ ඇයි?
මෙහෙමයි.  මම මට ඉදිරියෙන් යමින් තිබුණු වාහනයක් ඉස්සර කරන්නයි හැදුවේ. ඒ එක්කම මගේ පිටිපස්සෙන් ආපු වාහනේ මාව ඉස්සර කරන්න හදලා. ඔන්න ඔහොමයි ඉතින් අනතුර සිද්ධ වුණේ.
රුක්ෂානාට තුවාලයක්, අනතුරක් වුණේ නැහැ නේද?
මගේ කකුල ‍පොඩ්ඩක් තුවාල වුණා. ඒක දැන් සනීප වේගෙන එනවා. සෞඛ්‍යයට නම් ගැටලුවක් නෑ. ආර්ථිකයට තමයි ගැටලු.
ඒ මොනවද?
මගේ වාහනය කුඩු පට්ටම්වෙලා ගරාජ් දැම්මා. තව මොන කාලයකින් ඒක ආපහු අරගන්න පුළුවන් වේවිද කියලා කියන්න බැහැ. ඒක හැදුවොත් ලොකුම ලොකු මුදලක් ගෙවන්න වේවි. ඒ විතරක් නමෛයි මගේ වාහනේ නිසා හයිවේ එකේ යකඩ වැට කැඩුණනේ. ඒකට රජයට මුදල් ගෙවන්න වුණෙත් මටම තමයි. වැටට බර ගාණක් ගෙවන්න සිද්ධ වුණා.
ක්‍ෂේත්‍රයේ අය මේ අනතුර වෙලාවේ රුක්ෂානාට ශක්තියක් වුණාද?
ඔව්. ගොඩක් අය මගේ ප්‍රශ්නය ගැන අහලා හොයලා බැලුවා.
<රුක්ෂානා අනතුරට ලක් වුණා කීවම එක්තරා විශේෂ කෙනෙක් හොඳටම බය වුණාලු නේද?
නෑනේ. එහෙම නෑනේ. ගෙදර අම්මා තාත්තා ඇරෙන්න විශේෂයෙන් බයවෙන්න කිසිම කෙනෙක් නෑ. අඩු ගානේ එහෙම විශේෂ කෙනෙක්වත් හිටියා නම් ඉතින් හිත හදාගන්න තිබුණා. කොහෙද, වාහනේ හැප්පිලා මළත් අඬන්න විශේෂ කෙනෙක් මට නෑනේ.
අධික වේගය මරු කැඳවයි කියලා කතාවටත් කියනවනේ නේද?
ඔව් ඉතිං මම ටිකක් වැඩි වේගෙකින් නම් තමයි ඩ්‍රයිව් කළේ.
වේග සීමා ඉක්මවීම කියන වරදට රුක්ෂානා කීපාරක් ‍පොලිසියෙන් දඩ කාලා තියෙනවද?
තාම නම් දඩයකට මාට්ටු වුණේ නෑ.
ගෙදර අය මොකද මේ අනතුර ගැන කියන්නේ?
අම්මා නම් මට කලින්ම අනතුරු අඟවලා තිබුණේ මේ යන විදියට ළඟදීම හප්පගෙන ගෙදර ඒවි කියලා.
වේගය වැඩිකම ගැන අම්මා නීති දාලා තිබුණේ නැද්ද?
තිබුණා, තිබුණා. මම පාරේ ඩ්‍රයිව් කරද්දී පැයට කි. මී. 60 ඉක්මවනකොට අම්මා හැමදාම බණිනවා. තනියම ගමනක් යනකොට වුණත් අද වේගෙන් යනවා නම් වාහනේ ගෙදර තියලා බස් එකේ යන්න කියලා කියනවා. මම ඉතිං අම්මට, ගෙදරට වාහනේ පේන සීමාවේදී හිමින් ඩ්‍රයිව් කරලා, පාරට දාගත්තම මට ඕන විදියට යනවා. හැබැයි ඉතිං අද භුක්ති විඳින්නේ අම්මගේ උපදෙස් නොතකපු එකේ ආනිසංස තමයි.
වාහන අනතුර නිසා කලා වැඩ නතරවෙලාද?
නැහැ. ෂූටින්වලටත් සහභාගි වෙනවා.
රුක්ෂානා දැන් පූර්ණකාලීනව  කලාවේ ඉන්නවද?
මම ශාස්ත්‍රපති උපාධියට ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ වගේම කලා කටයුතුත් කරගෙන යනවා.

Share this