Tongue arm Young boyfriend younger brother

දිව කඩාගත්ත තරුණයා තරුණියගේ පෙම්වතාගේ බාල සොහොයුරාලු

මාවතගම ප්‍රදේශයේ තරුණියක්‌ සිප ගැනීමට තැත් කළ මොහොතේ ඇය විසින් දිව කඩා දැමූ තරුණයා, තරුණියගේ පෙම්වතාගේ බාල සොහොයුරා බවට පරීක්‌ෂණ පවත්වනු ලබන පොලිස්‌ කණ්‌ඩායම්වලට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වනවා. 

මොහු මේ වන විට අනුරාධපුර ප්‍රදේශයට පලාගොස්‌ සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය වූ දින මොහු දිවෙන් ලේ ගලමින් මාවතගම ප්‍රදේශයේ නිවසකට ගොස්‌ වතුර වීදුරුවක්‌ ඉල්ලා බී පලාගොස්‌ ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මේ අතර මෙම තරුණයා අනුරාධපුර ප්‍රදේශයේ රෝහලකින් දිවට ප්‍රතිකාර ලබාගත්තේදැයි අනාවරණය කරගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ වන විට අනුරාධපුරයට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. 

Share this