miley cyrus and liam hemsworths broken at love again Sprouts

මිලේ සහ ලියම්ගේ බිඳුණු පෙම යළි දළුලයි

සුපිරි ගායිකා මිලේ සයිරස් පෙමින් බැඳී සිටින්නේ සුපිරි නළු ලියම් පෙම්ස්වර්ත් සමඟයි. දෙදෙනා විවාහ ගිවිස ගත්ත ද, පසුව එය අවලංගු කෙරුණා. කෙසේ වෙතත් ලියම් සහ මිලේ නැවතත් ආදරයෙන් බැඳී සිටිනවා. මේ වනවිට දෙදෙනා තීරණය කර ඇත්තේ විවාහ වෙන්නයි. විවාහ මංගල්‍යය මේ වසරේ ඔස්ට්‍රේලියාවේදී පවත්වන්නයි බලාපො‍රොත්තුව. ලියම් සහ මිලේ ගේ සමීපතමයකු ප්‍රකට සඟරාවකට ප්‍රකාශ කළේ මේ විවාහ මංගල උත්සවය ඔස්ට්‍රේලියාවේ සුන්දර වෙරළ තීරයක පැවැත්වීමට අවශ්‍ය කටයුතු යොදමින් පවතින බවයි. මංගල උත්සවය පැවැත්වෙන දිනය ‍නම් තවම යොදාගෙන නැති අතර සමහර විට එය, මේ වසරේ ගිම්හාන කාලයේ දිනයක පැවැත්වීමට ඉඩ ඇතැයි පැවසෙනවා. මංගල උත්සවයේ වැඩ කටයුතු සියල්ලම පාහේ ලියම් සහ මිලේ ගේ දෙමවුපියන්ගේ මෙහෙයවීමෙන් සිදුවනු ඇතැයි ද මේ අතර පැවසෙනවා.

ලියම් සහ මිලේ මුලින් ම මුණ ගැසුණේ 2009 දී ‘ ද ලාස්ට් සෝන්’ චිත්‍රපටය රූගත කරන අතරතුරදීයි. විවාහ ගිවිස ගත්තේ 2012 දී. 2013 දී එය කටු ගා දැමූ මේ දෙදෙනා වෙන් වුණා.

Share this