Do raped two girls came to visit poson 4 youths were arrested for robbery

පොසොන් සිරි නරඹන්න පැමිණි තරුණියන් දෙදෙනෙකුට හදි කරන්න හැදූ තරුණයන් 4 දෙනෙක් මාට්ටු

තරුණියන් දෙදෙනෙකුගේ ශරීරය ස්පර්ශ කරමින් අතවර කිරීමට උත්සහ කළ බවට සැකපිට නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් හතරදෙනෙකු පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම තරුණියන් දෙදෙනා පොසොන් සිරි නැරඹීම සඳහා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.
සැකකාර සිසුන් සිව් දෙනා යතුරුපැදි දෙකකින් පැමිණ පිළියන්දල වෑවල ප්‍රදේශයේදී අදාල තරුණියන් දෙදෙනාට අතවර කිරීමට උත්සහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව තරුණයන් පිරිසක් විසින් මෙම සිසුන් සිව්දෙනා පසුපස හඹාගොස් පිළියන්දල - මොරටුව පාරේදී ඔවුන් අල්ලාගෙන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

එම සිසුන්ගේ මව්පියන් පොලිසිය වෙත කැඳවූ අවස්ථාවේදී තම දරුවන් කළ වරදට සමාව දී නිදහස් කරන ලෙස ආයාචනා කළද පොසොන් පුන් පොහෝ දිනක සිදුකළ පහත් ක්‍රියාවට තමන්ගෙන් සමාවක් නැතැයි ස්ථානාධිපතිවරයා විසින් පවසා තිබෙනවා.

මෙවැනි දෙයකට සමාව ලබා දුන්නොත් තමාට මුළුමහත් සමාජයෙන් සමාවක් ලැබෙන්නේ නැතැයි ස්ථානාධිපතිවරයා විසින් දෙමව්පියන්ට පැහැදිලි කර කැස්බෑව අධිකරණයට සැකකාර සිසුන් යොමුකිරීමට කටයුතු කර ඇති බවටයි වාර්තා වුණේ. 

Share this