Mahinda and Lohan resign from shadow cabinet

මහින්ද සහ ලොහාන් ඡායා කැබිනට්ටුවෙන් ඉවත්වෙති

කරුණු අවබෝධ කරගැනීමේ ගැටළුක් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය පත් කල ඡායා කැබිනට්ටුව විකෘතියක් වී ඇති බව හිටපු ජනපති,කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට සමීප විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඔහු විසින් පවසා ඇති අන්දමට සදහන් වන්නේ,පත් කිරීමට අවශ්‍ය වන්නේ ඡායා කැබ්නට්ටුවක් නොව, අමාත්‍යංශ වෙනුවෙන් අධීක්ෂණ මන්ත්‍රී කණ්ඩායමක් බවයි.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත ජායා කැබිනට්ටුව පත්කර ඇති බව ද ඔහු පෙන්වා දී ඇත.

ඒ අනුව ඡායා කැබින්ට්ටුව පත් කිරීම සම්බන්ධ වගකීම තමන් විසින් නොදරන බවත් ඉන් තමා ඉවත් වන බවත් හිටපු ජනපතිවරයා පවසා තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂය නම් කළ ඡායා කැබිනට්ටුවේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ විසින් ද තමන් එයින් ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුමට දැනුම් දී තිබේ.

එමගින් ඔහු පෙන්වා දී ඇත්තේ ඡායා කැබිනට්ටුව ගැන මාධ්‍ය මගින් වාර්තා කරන තුරු තමන් නොදැන සිටි බවයි.

ඒ ගැන තමන්ට දැනුම් දීමක් කර නොතිබූ බවත් මෙම කටයුත්ත ගැන කිසිවක් නොදන්නා බැවින් තමා එයින් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත් රත්වත්තේ සදහන් කරයි.

එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව යමින් මෙම ඡායා කැබිනට්ටුව නම් කිරීමේ මූලික දෝෂයක් ඇතැයි  ද විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පවසා ඇත.

සම්ප්‍රදාය විය යුත්තේ විපක්ෂ නායකවරයා ඡායා කැබිනට්ටුවක ඊළඟ අගමැති ලෙස සැලකීම වුවත් විපක්ෂ නායක ආර්.සම්බන්දන් වෙනුවට ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ පත් එහි අගමැති ලෙස පත් කර ඇත.

කෙසේ වෙතත්  අදාළ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත්තේ විපක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එතරම් ඇයි හොඳයි කමක් නැති නිසා සම්බන්දන් ඒ සඳහා නම් කර නැතත් අඩු ගණනේ විපක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඒ සඳහා පත් කළ යුතුව තිබූ බවය.

Share this