Attempt to students by showing that judicial work

පාසල් සිසුවියන්ට ලිංගේන්ද්‍රිය පෙන්වා අලෙවි කළමනාකරුවෙක් වැඩ වරද්දා ගත් හැටි

ගාල්ල බස් නැවතුම්පොලේදී පාසැල් සිසුවියන් දෙදෙනෙකුට ජනනේද්‍රිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කළ සැකකරුවෙකු මේ මස 20 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

සැකකරු මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමටද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ අලෙවි කළමනාකරුවෙකු ලෙස කටයුතු කරන විසිහය හැවිරිදි පුද්ගලයෙකි.

ගාල්ල බස් නැවතුම්පොලේ උඩුමහලේ සිට පහතට බසිමින් සිටි උසස් පෙල ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනෙකුට පෙනෙන පරිදි සැකකරු කලිසමේ ඉදිරිපස විවෘත කොට ජනේන්ද්‍රිය ප්‍රදර්ශනය කරමින් උඩුමහලට නගිමින් සිටින විට අපහසුවට පත්වු සිසුවියන් දෙදෙනා ඒ අසල සිටි වෙනත් කෙනෙකුට මේ සිද්ධිය පවසා ඇත.

ඒ සමගම සිවිල් ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සැකකරු අසලට ගොස් ඇත.

එවිට මෙම නිලධාරීන් දෙදෙනා සිසුවියන්ගේ ඥාතීන් යයි සිතු සැකකරු පළායෑමට උත්සාහ කළ විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share this