Thewarapperuma faced to an emergency surgery

තෙවරප්පෙරුමට හදිසි සැත්කමක්

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට හදිසි හෘදය සැත්කමක් සිදු කර ඇති බව වාර්තා වනවා. ඊයේ (8) සවස මතුගම ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා රෝහල් ගත කර තිබෙනවා. ඒ කොළඹ ආසිරි සර්ජිකල් රෝහලටයි. 
පාලිත තෙවරප්පෙරුම මහතා පසුගියදා පොලීසියට භාරවූයේ ද අදාළ සැත්කම සිදුකිරීමට නියමිතව තිබියදීයි. ඉන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුගිය බ්‍රහස්පතින්දා (7) නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අත්අඩංගුවට පත් මව්වුරුන් 9 දෙනෙකු ඇප මත නිදහස් කරනු ලැබුවා. 








Share this