President signed the pledge


ළමා ශ්‍රමයෙන් තොර රටක්‌ ප්‍රතිඥවට ජනපති අත්සන් තබයි

ළමා ශ්‍රමයෙන් තොර රටක්‌ නිර්මාණය කිරීමේ ප්‍රතිඥාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (22 වැනිදා) අත්සන් තැබීය.

ජුනි 12 වැනි දිනට යෙදුණු ලෝක ළමා ශ්‍රම විරෝධී දින සැමරීමේ ජාතික වැඩසටහනකට එක්‌වෙමින් ජනාධිපතිවරයා එම ප්‍රතිඥාවට අත්සන් තැබීය. ළමා ශ්‍රමිකත්වය වැළැක්‌වීම සඳහා පොදු මහජනතාව දැනුවත් කිරීම කෙටි පණිවිඩ මාලාවක්‌ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුකෙරුණි.

ළමා සුරක්‍ෂිතතාව වෙනුවෙන් ක්‍රමවත් සවිමත් නීති රීති සම්පාදනය කරන බවත් පවතින නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ඒවා ශක්‌තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ළමා හිංසා සහ අපචාරවල වැරදිකරුවන් වන පුද්ගලයන්ට දඬුවම්දීමටත් වඩා ඔවුන් සමාජය හමුවේ හෙලිදරව් කිරීම ඔවුන්ට ලබාදිය හැකි ඉහළම දඬුවම බවත් කායික දඬුවමට වඩා මානුෂීය දඬුවම් ප්‍රබල බවත් ජනාධිපතිවරයා එහිදී කීය.









Share this