The patience naval officer how to fox mask Lions .

නාවුක හමුදා නිලධාරීයාගේ ඉවසීම හමුවේ නරියෙක් සිංහ වෙස්  ගන්නා ආකාරය [VIDEO]

නැගෙනහිර මහ ඇමතිවරයා විසින් නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට පාසැලකදී බැන වදින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.

එහි දැක්වෙන පරිදි අදාල ස්ථානයේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍ර‍නාන්දු, ප්‍ර‍ධාන අමාත්‍ය හාෆිස් නසීර් අහමඩ්, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සිටින අතර මහ ඇමතිවරයා මෙලෙස උරණ වීමට හේතු වී ඇත්තේ  අදාල උත්සවයට  මහ ඇමතිවරයාට පෙර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයාට ඇරයුම් කිරීම පිළිබඳව හේතුවක් බවයි ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙන්නේ. 

සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිඝණක ඒකකය විවෘත කිරීමේ උත්සවයකදී මෙම උණුසුම් වචන හුවමාරුව සිදුව ඇති අතර මහ ඇමතිවරයා විසින් වේදිකාවේ සිටින නාවික හමුදාවේ නිලධාරියාට එම ස්ථානයෙන් පිටව යන ලෙසද පවසන අතර ඔහුගේ ආවේගය නිසාවෙන් ඔහුගේ අත අසල සිටි සිසුවියකගේ මුහුණේද වදින අයුරු වීඩියෝවේ දැකගන්නට ලැබෙනවා.

මේ එම වීඩියෝවයි......




Share this