අමෙරිකානු ඇපල් කන්න එපා - 'ලිස්‌ටෙරිච්සිස්‌' නමැති රෝගයක්‌

රෝග කාරකයක්‌ ඇතුළුවී ඇතැයි සැකයක්‌ මත වෙළෙඳපොළේ ඇති ඇමරිකාවෙන් ආනයනය කළ සියලුම ඇපල් තොග යළිත් එකතු කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් පාලිත මහීපාල මහතා විසින් පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට, ඇපල් ආනයනකරුවන්ට සහ වෙළෙඳුන්ට දැනුම්දී තිබෙනවා.

දැනට වෙළඳපලේ අලෙවියට තබා ඇති ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ඇපල් ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු තත්ත්වයක් උදාවී ඇත.ඇමෙරිකාවෙන් ආනයනය කරන ඇපල්වලට 'ලිස්‌ටෙරියා මොනොසයිටොජිනස්‌' නමැති බැක්‌ටීරියාව ඇතුළු වී ඇතැයි සැකකරන අතර එමගින්  'ලිස්‌ටෙරිච්සිස්‌' නමැති රෝගයක්‌ පැතිරෙනමින් තිබේ. මෙම බැක්‌ටීරියා ආසාදන තත්ත්වය මෙම වසර මුලදී ඇමෙරිකාවෙන් සහ කැනඩාවෙන් වාර්තා වී ඇත.

මෙම  සැකය මත වෙළෙඳපොළේ ඇති ඇමරිකාවෙන් ආනයනය කළ සියලුම ඇපල් තොග යළිත් එකතු කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් පාලිත මහීපාල මහතා විසින් පළාත් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට, ඇපල් ආනයනකරුවන්ට සහ වෙළෙඳුන්ට දැනුම්දී තිබේ.ඒ අනුව ඇපල් ආනයනකරුවන්, වෙළෙඳුන් හා ඇසුරුම්කරුවන් අදාළ ඇපල් තොග වෙළෙපොළෙන් ඉවත්කර නැවත තම භාරයට ගතයුතු අතර, ආහාර පනතේ බලතල ප්‍රකාරව මෙසේ ඇපල් නැවත එක්‌රැස්‌ කිරීම, අධීක්‌ෂණය කිරීම, පහසුකම් සැපයීම හා මෙම ඇපල් නිෂ්පාදන පාරිභෝගිකයින් වෙත යැම වැළැක්‌වීමට කටයුතු කිරීම සඳහාද උපදෙස්‌ ලබා දී ඇත.

Share this