How wonderful to undergo the Turkish people saw humanity in Sri Lanka .

ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම දැක්ක තුර්කි විද්‍යාඥවරියට වෙච්චි දෙයක් 

පසුගියදා කැලණිගඟ පිටාර ගැලීමෙන් ඇති වූ ගංවතුරෙන් විපතට පත්වූවන්ට පිහිට වෙන්න හැම කෙනාම වගේ ඉදිරිපත්වුණේ දෙපාරක් හිතන්නේ නැතිව.

කොළඹ මෙන්ම තදාසන්න් සියලුම සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ හිඟයක් ඇති වන තරමට පරිත්‍යාගශිලීන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන තිබූ බවයි වාර්තා වන්නේ. 

ඒ මනුස්සකම දැකපු කොළඹ සේවය කරන තුර්කි ජාතික ඉංජිනේරුවරියක සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා.

කොළඹ පෞද්ගලික ආයතනය සේවය කරන ඇය නමින් පිනර් ටන්කි. ඇය තුර්කි ජාතික ජීව රසායන ඉංජිනේරුවරියක් ලෙසයි සේවය කරන්නේ. ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ඇය සේවය කරන ආයතන විසින් සංවිධානය කරන ලද සහනාධාර වැඩසටහනට කිසියම් හෝ දායකත්වයක් දැක්වීමට ඇය, ඇයගේ කාර්යාලය ආසන්නයේ ඇති ආර්පිකෝ සුපර් මාකට් එකට ගොස් තිබෙනවා. එහිදී ඇය දුටු දසුනින් ඇය පුදුමයට පත් වූ බවයි සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් කියා ඇත්තේ. ඒ ඇය යන විටත් මෙම උවදුරින් විපතට පත් ජනතාවට සහන  සැලසීමට ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට දිගු පෝලිම්වල සිටීමයි. 

ඇයගේ තුර්කි රට හා සසදා බැලීමේදී ලංකාවේ බහුතරයකගේ සාමාන්‍ය ආදායම අවම මට්ටමක පවතිද්දී මේ විදිහට උපකාර කරන ඉදිරිපත්වීම ගැන ඇයට අදහාගන්න බැරි වූ බවයි ඇය එම සටහනින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ.  මේ මිනිසත්කම දැකලා ඇයගේ දෙනෙතට කඳුලක් ආවා කියලා ඇය පවසනවා.

ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්සකම විශ්වාස කරන්න බැරි බවත් මේ වගේ අත්දැකීමක් තමන්ට ලැබී නැති බවත් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.

එම සටහන පහතින්....



Share this