මන්ත්‍රී ශාමික සඳරුවන් ඝාතනයේ ප්‍ර‍ධාන සැකකරු ඩී. මංජුට පෑලියගොඩදී වෙඩි -CCTV දර්ශන සහිතයි

පෑලියගොඩ බුළුගහහංදිය  ප්‍රදේශයේ ඊයේ (31) පස්වරුවේ  සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ  පොලිස් නිලධාරීන් දෙදෙනාට අමතරව තුවාල ලැබූ අනෙක් පුද්ගලයා නාගරික මන්ත්‍රී ශාමික සඳරුවන්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන දඩල්ලගේ මංජු හෙවත් ඩීග මංජු නම් පුද්ගලයා බවයි.


කොළඹ නුවර පාරේ ධාවනය වූ දඩැල්ලගේ මංජුට අයත් මෝටර් රථය නාදුනන යතුරු පැදි කරුවෙකු විසින් ලුහුබැද තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරු පැදියෙන් බේරී පලායාමට උත්සාහ කළ මෝටර් රථය පසුව පෑලියගොඩ බුළුගහහන්දිය ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී අනතුරට ලක් ව ඇති බවයි.


අනතුරෙන් පසු මෝටර් රථයෙන් ඉවතට පැමිණි දඩැල්ලගේ මංජුට යතුරු පැදිකරු වෙඩි තබා තිබෙනවා. රිය අනතුර පිළිබද විමර්ශනය කිරීමට ගිය පෑලියගොඩ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුටද මෙහිදී වෙඩි ප්‍රහාර එල්ල වුණා.

වෙඩි ප්‍රහාරයෙන් පසු දඩල්ලගේ මංජු ත්‍රී රෝද රථයකින් එම ස්ථානයෙන් පළාගිය ආකාරය CCTV  කැමරාවක  සටහන්ව  තිබුණා. වෙඩි ප්‍රහාරයට ලක් වූ පෑලියගොඩ පොලිස් රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් නිලන්ත කුමාර හා පොලිස් කොස්තාපල් එරන්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. 

Share this