ශ්රී ලංකාවේ කළ දැවැන්තම මියුසික් වීඩියෝව ඉරාජ් ඉකුත් දින අන්තර්ජාලයට මුදා හැරියා. එහි මුළු පිරිවැය ලෙස මිලියන 15 ක් වියදම් වූ බවත් ඔහු පැවසුවා. සිනාසී නමින් මෙම ගීතය නම් කර තිබෙනවා. මෙම ගීතයේ විශේෂත්වය වන්නේ බිල්බෝඞ් දර්ශකයේ ගීත පළවූ ඇමෙරිකාවේ ප්රසිද්ධ ගායකයෙක් වන ෂෝන් කිංග්ස්ටන් ගායනයෙන් එකතු වීමයි.
ෂෝන් කිංග්ස්ටන්ට අමතරව ඉන්දියාවේ සුප්රකට ගායිකා සෝනු කක්කාර්ද ගායනයෙන් එකතුවී තිබෙනවා. කෙසේ වෙතත් මෙම ගීතය සම්බන්ධයෙන් මේ වන විට අන්තර්ජාලය තුල කතාබහක් ඇති වී තිබෙනවා.
එම කතාබහ තුල ඉරාජ් විරරත්නට විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කිරීමක් දක්නට ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉරාජ් පිළිතුරු ලබා දෙමින් වීඩියෝ පටයක් නිකුත් කළා.
එහිදී ඔහු පවසන්නේ මෙම වීඩියෝ පටයේ ගායක ගායිකාවන් කුඩා මුදලකට මෙවැනි වීඩියෝවක් සඳහා එක් නොවන බවත් වීඩියෝව සඳහා මුදල් වියදම් කර පුද්ගලයාගේ තොරතුරුද එහි සඳහන් වනවා. වැඩි දුටරත් ඔහු පවසන්නේ මෙම වීඩියෝවේ යම් යම් අඩුපාඩු තිබෙන්නට ඇති නමුත් ඉදිරියේදී ඒවා සකස් කරගනිමින් ඊලග වීඩියෝව ඉදිරිපත් කරන බවයි.
ඔහු මේ සම්බන්ධයෙන් සිදු කළ ප්රකාශයේ සම්පුර්ණ වීඩියෝපටය බලන්න.
සිනාසි ගීතය පහතින් නරඹන්න.