ජාතික යොවුන් නාට්‍ය උළෙල අද සිට

තිස්‌පස්‌ වැනි ජාතික යොවුන් නාට්‍ය උලෙල අද (19 වැනිදා) සිට 28 වැනිදා දක්‌වා සවස 6.30 ට කොළඹ 07, ස්‌ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි බස්‌නාහිර පළාත් සෞන්දර්යය නිකේතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන මෙම නාට්‍ය උළෙල සඳහා දිගු නාට්‍ය 06ක්‌, සිංහල කෙටි නාට්‍ය 12ක්‌ සහ දමිළ කෙටි නාට්‍ය 4ක්‌ සුදුසුකම් ලබා ඇත.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ ඩබ්. ජී. එස්‌. එරන්දික මහතාගේ ආරාධනයෙන් අද සමාරම්භක දිනය වෙනුවෙන් ප්‍රධාන ආරාධිතයන් ලෙස, තරුණ කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ නාට්‍යවේදීන් රැසක්‌ ද සහභාගි වීමට නියමිතය.

1977 වසරේදී ප්‍රථම වරට යොවුන් නාට්‍ය උළෙල පවත්වා ඇති අතර, 35 වැනි ජාතික යොවුන් නාට්‍ය උළෙල අරඹමින් අද, දිනේෂ් සඳරුවන්ගේ "නියඟලා ප්‍රේමය" වේදිකාගත කෙරේ.

Share this