තන පටයක් විසි කර අන්තර්ජාලය කැළඹු ප‍්‍රසංගයට ගැන සංගා - මහේල කතා කරයි

පසුගිය සතියේ ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසිස්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ Sex and Love ප්‍රසංගය ගැන තවමත් වෙබ් අඩවි හරහා විවිධ විවේචන එල්ල වෙනවා. මෙම ප්‍රසංගය නරඹන්නට රුපියල් 35000 ක ටිකට්පත් ලබා ගත් ඇතැමුන් මහේල සහ සංගාගෙන් නැවත මුදල ඉල්ලූ‍ බව විවිධ වෙබ් අඩවිවල වාර්තා කළා. තවදුරටත් සදහන් වුයේ මෙම ප‍‍්‍රසංගය දුර්වල සංවිධානය වෙනුවෙන් වගකීම මහේල හා සංගක්කාර භාරගතයුතු බවයි. 
පසුගිය 27 වනදා මෙම ප‍‍්‍රසංගය පිලිබදව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්පාරේ පැවති උත්සවයකට සහභාහි වූ අවස්ථාවේදී මෙවැනි අදහසක් පල කළා.

‘ලංකාවෙ සංස්කෘතිය, සභ්‍යත්වය, හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වලා අසංවර සංගීත සංදර්ශන තියන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තලන්න  ඕන. විස්කි වගේ බීම වර්ග පානය කරලා මේ සංගීත සංදර්ශනවල මත්වන තරුණියො ඒ අයගේ තන පට ගලවලා අර ගායකයාට දමා ගසන තත්වෙට පත්වෙලා. සමහරු වේදිකාවට නැගල ගායකයා සිප ගන්නවා. එවැනි අසංවර සංදර්ශන සංවිධානය කිරීමට මං ඉඩ තියන්නෙ නෑ ඉදිරියට. තව මේ වගේ වැඩසටහන් කවුරුහරි කරන්න යනවනම් ඒවට අනුමැතිය දීම වැළැක්වීමට මං පියවර ගන්නවා. මේවයෙ අරමුණ අපේ මනුෂ්‍යත්වය රුපියල් ශත වලට විකිණීමයි. ,

මෙම ප‍‍්‍රසංගය පිලිබදව මේ වනවිට ඇති වී තිබෙන ආන්දෝලනය නිසා සංගා සහ මහේල ජනපතිගේ ප‍්‍රකාශයෙන් පසු තම ෆෙස්බුක් පිටුවෙන් පණිවිඩයක් මුදා හැරියා. එම පණිවිඩයේ සදහන් වන පරිදි සංගා සහ මහේල මෙම ප‍‍්‍රසංගය නැරඹීම සදහා ටිකට් ලබා ගත් අයට සිදුවූ අපහසුතාවයට කණගාටුව පල කර තිබෙනවා. එයට හේතුවී තිබෙන්නේ මෙම ප‍‍්‍රසංගය සදහා ගෙන ආ කලාකරුවා නියමිත වෙලාවට ප‍‍්‍රසංගයට නොපැමිණිම බවයි එම පණිවුඩයේ සඳහන් වන්නේ.





Share this