කාන්තාවන් 6ක් මැරූ කොටකෙතන ඝාතකයාගේ ඊළඟ ඉලක්කය හෙලි වෙයි

2008 වසරේ ජූලි 21 වැනිදා ආරම්භ වූ කහවත්ත කොටකෙතනේ කාන්තාවන් ඝාතනය කිරීමේ භීෂණයට අවසන් වරට හසු වුණේ නාදන් පාපු නැමැති වතුකම්කරු කාන්තාවක්.

සහකාර පොලිස් අධිකාරි එස්. විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ද පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ අතර 35 හැවිරිදි දෙදරු පියකු වූ නීල් ලක්‍ෂ්මන් නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම කණ්ඩායමයි.

2012 වසරේ මැයි 31 වැනිදා වරාපිටියේදී ඝාතනය වූ සේතුංගගේ දයාවතී සහ තිලකාවතී යන සොහොයුරියන් දෙදෙනා ඝාතනය කළ ස්ථානවල තිබී සොයාගත් බුලත් කෙළ සාම්පලයක වූ ඞී. එන්. ඒ. රටා මේ පුද්ගලයා සමග සැසඳීම සහ එම කාන්තාවන්ගේ යෝනිවල තිබූ ශ‍්‍රාවයන් සමග සැසෙක්‍ෂන බවට වාර්තා වී තිබීම නිසා නීල් ලක්‍ෂ්මන් අදාළ පුද්ගලයා බව හෙළිව තිබෙනවා.

මෙහෙයුම කොතරම් සූක්‍ෂ්ම වීද යත් රත්නපුරයේ බොහෝ පොලිසිවල නිලධාරීන් පවා කහවත්තේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ බව දැන ගත්තේ එදින රාත‍්‍රි ප‍්‍රවෘත්තිවලිනි.

මෙම ඝාතකයා මීළඟ ගොදුර ලෙස තෝරාගෙන තිබුණේ සුභරත්න මැණිකේ සහ දුලීකා නදීශානි යන මව හා දියණියයි.මීට පෙර එම ගොදුරට ඇස යොමද්දී දියණිය ඝාතකයාව ගොම්මන් අඳුර මැදින් දුටු නිසා ඔවුන්ගේ ඝාතනය පමා කිරීමට නීල් ලක්‍ෂ්මන්ට සිදුවූ බවයි පොලිස් පරීක්ෂණවල දී හෙළිව ඇත්තේ.

මෙම සැකකරු මේස් කුට්ටමක් ද දමාගෙන වක් පිහිය ද රැුගෙන උඩකය නිරුවතින් කාන්තාවන් සොයා ගම පුරා ඇවිද ගොස් ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

Share this