ජැකාගේ දුව... මාධවි දෙවැනි කාසදෙටත් ලැහැස්තිලු

මින් වසර පහකට පමණ පෙර 2010දී ප‍්‍රකට කලාකරු ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවීගේ විවාහ උත්සවය පිළිබඳ වෙබ් අඩවිවලින් ඡායාරූප සහිතව වාර්තා කළා. ප‍්‍රකට කලාකරු හේමසිරි ලියනගේගේ පුතු වූ වෛද්‍ය ආලෝක සමග ඇය සම්බන්ධයක් ගොඩනගාගෙන තිබුනේ ඇගේ අත පිළිස්සීමට ලක්වූ අවස්ථාවක ප‍්‍රතිකාර ලබාගන්නට රෝහල් ගතවූ වෙලාවේ බවටද තොරතුරු පළ වුණා.

කෙසේ වෙතත් යම් යම් හැලහැප්පීම් වලින් පසු එම විවාහය බිඳවැටී තිබෙන අතර මාධවී දැන් වෙනත් විවාහයකට සූදානමින් පසුවෙනවා. පසුගිය සතිඅන්ත පුවත්පතකට ඇය ඒ ගැන විස්තර කර තිබුනේ පහත පරිදිය.

මාධවී දැන් ආයෙමත් පෙම්වතියක්ලූ?
''මෙහෙමයි. මටත් ආදරේ අවශ්‍යයි. ඒ වගේම මමත් ආදරේට ආදරෙයි. මට ජීවිතෙයි ආදරෙයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඒ නිසා මම මගේ ආදරේ එක්කම තමයි මගේ සියලූ කටයුතු සැලසුම් කරන්නේ. ඉතින් වෘත්තීයමය කටයුතු පවා අපි දෙන්න එකතු වෙලා සැලසුම් කරගෙන ජීවිතේ ඉස්සරහට යනවා.''

හෙට අනිද්දාම විවාහ වෙනවද?
''නැහැ... ඒත් මවුපියන් නම් බොහොම උනන්දුවෙන් අපිව විවාහයකට සූදානම් කරන්න ගොඩක් උත්සාහ කරනවා. හැබැයි මට නම් එහෙම හදිසියක් නැහැ... මොකද කලබල වෙලා හදිසියෙන් දෙයක් කරගෙන පසුතැවිලි වෙන්න කැමැති නැහැ....''

අතීතයේ වුණු වැරැදීම් ගැනද තවමත් හිතන්නේ?
''ජීවිතේ සිදුවන හැලහැප්පීම් මට විතරක් නෙවෙයි. කාටත් පොදුයි. එකම දේ පුංචි කාලේ ඉඳන් මාව දන්නා පිරිස වැඩියි. ඉතින් මගේ ජීවිතේ වෙන පුංචිම දේවල් ගැන පවා සැලකිලිමත් වෙන පිරිස වැඩියි. ඒ නිසා අපේ ජීවිතවල පෞද්ගලික කාරණා වුණත් සමහරු දකින්නේ ලොකු දේවල් විදියට. කාටත් ප‍්‍රශ්න ඇති වෙනවා. ඒ වෙන දේවල් සුබවාදීව දැකලා ඒවට සාර්ථකව මුහුණ දෙනවා නම් ප‍්‍රශ්නයක් නැහැ ඉතින්. මම වුණත් මගේ ජීවිතයේ ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා.''

මාධවී හිතන විදියට ජීවිතේ ඔබට වැරැදුණේ කොතැනද?
''වෙච්ච දේවල් වුණා. මම කැමැති නැහැ ඒ ගැන පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න. ඒ දේවල් ගැන නොහිතා මම ඉස්සරහට යනවා. කවුරුත් මාව නවත්තන්න උත්සාහ කරන්නෙත් නැහැ... මට කිසිම තරහක් කා එක්කවත් නැහැ... මම කාටවත් වෙඩි තියන්නේ නෑ... ඒ වගේම මමත් කාගෙන්වත් වෙඩි නොකා ආරක්ෂිතව ඉස්සරහට යන්නයි උත්සාහ කරන්නේ.''

වැරැද්දක් කළත් නොකළත් ජනප‍්‍රිය චරිතවලට කට කතා හැදෙනවා. මාධවීටත් විවාහය නිසා කටකතා හැදුණා?
''මම හිතන විදියට එහෙම ලොකු කට කතාවක් මට හැදුණේ නැහැ. සමහර විට ඔය කියනවා ඇත්තේ වෙච්ච ඇත්ත සිදුවීම් වෙන්න පුළුවන්. සමහරු බොරු දේවල් කියනවා ලියනවා වෙන්නත් පුළුවන්. අන්තර්ජාලය හරහා  ඕනෙම කෙනෙක්ට  ඕනෙම දෙයක් ගැන විවෘතව අදහස් දක්වන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ නැහැ කටකතා ගැන ලොකුවට හිතන්න  ඕනි කියලා. මට අදාළ නැති මම නොකරපු වැරැුදි ගැන මම හිතන්නේ නැහැ. කා එක්කවත් තරහක් ඇති කරගන්නේත් නැහැ. මට එහෙම දේවල් කියන අය ඉන්නවා නම් මම එයාලට අනුකම්පා කරනවා.''

කලාකාරිනියක් වගේම මාධවී ව්‍යාපාරිකාවක්ලූ?
''ව්‍යාපාරයක් කිව්වට මම කරන්නේ උත්සව සංවිධානය කරන එක. ඒත් ඒක එහෙම ව්‍යාපාරික පැත්තෙන් හිතලා කරන දෙයක් නෙවෙයි. මම අධ්‍යාපනය ලබන්නේත් සංචාරක ව්‍යාපාරය පිළිබඳව. ඒ නිසයි මේ වගේ දේකට යොමු වුණේ. ඒක ඇත්තටම හරිම කලාත්මක නිර්මාණශීලී වැඩක්.''

Share this