ජපනෙකුට වංචා කළ සිද්ධිය ගැන ඩිලන්ත හෙළිකරයි

සුපිරි නිවාස සංකීර්ණයක් සෑදීම සඳහා ජපන් ජාතිකයකුගෙන් අමෙරිකන් ඩොලර් ලක්ෂ 6ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන්   ශ්‍රී ලාංකීය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට එල්ලවී ඇති චෝදනාව පිළිබඳව ඔහු විසින් ෆේස්බුක් පිටුවට වීඩියෝවක්  මුදාහැර තිබේ.

අදාළ වංචාව සිදුකරන ලද්දේ ඔහු විසින් නොවන බවත්, වෙනත් පුද්ගලයෙකු විසින් බවත්, අදාළ පුද්ගලයාට අධිකරණයෙන් දඬුවම් නියම කළ බවද ඔහු පවසයි.

එම වංචාව සිදු කිරීමෙන් අනතුරුව ඔහුවද එයට ආඳා ගැනීමට උත්සාහ දරමින් සිටින බව ඔහු එම වීඩියෝවේ වැඩිදුරටත් පවසා තිබේ.

ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව බලන්න පහතින්.

Share this