ගුවන් හමුදාවේ මිග් සහ කෆීර් යානා 6 ක්‌ නඩත්තුවක්‌ නැතිව වසර 3 ක්‌ එකම තැන

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු මිග් 24 සහ කෆීර් වර්ගයේ ප්‍රහාරක යානා හය වසර තුනක්‌ තිස්‌සේ නඩත්තු නොකිරීම නිසා එකී යානා පියාසර කළ නොහැකිව ධාවන පථයේ රඳවා තැබීමට සිදුවී ඇත.

යුද්ධය ජයග්‍රහණය කිරීමට දායක වූ මෙම යානා ඊශ්‍රායලය සහ රුසියාව වෙත යවා අලුත්වැඩියා කිරීමට පියවර ගත යුතුව තිබුණත් එවැන්නක්‌ සිදුව නැතැයි ගුවන් හමුදා ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (16 දා) පැවසීය. මෙම ප්‍රහාරක යානා අලුත්වැඩියාවට ලක්‌ නොකර පාකිස්‌ථානයෙන් ඡේ. එස්‌. 17 ප්‍රහාරක යානා මිලයට ගැනීමට දැරූ උත්සාහය ද ඉන්දීය රජයේ විරෝධය නිසා නතර වී ඇත.

මිග් සහ කෆීර් යානා පසුගිය වසර තුන තුළදී අලුත්වැඩියා කළේ නම් රජයට විශාල මුදලක්‌ ඉතිරි වෙනවා. එහෙත් ඒ ගැන අවධානය යොමුවී නැතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share this