අඬාහැලෙන ඇල්ල අසල ද්විත්ව ඝාතනය : මියගිය පෙම්වතතාගෙන් මිතුරෙකුට කෙටි පණිවුඩයක් : පෙම්වතියගේ යට ඇඳුම් ගලවලා

ඇල්පිටිය, පිටුවල, අඬාහැලෙන ඇල්ල අසල අබිරහස් ලෙස තරුණ පෙම් යුවළ ඝාතනයට ලක්වීමට පෙර තරුණ යුද හමුදා සෙබළා සිය මිතුරකුටිමම හරි බයෙන් ඉන්නේ. මට හරි බයක් දැනෙනවා. ඉක්මනින් කෝල් එකක් ගන්න. යැයි කෙටි පණිවුඩයක් යවා ඇතැයි ඇල්පිටිය ‍පොලිසිය කරන ලද මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

ඇල්පිටිය, නවදගල, අලිකෑහේන වත්ත ප‍්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි කන්දගේ අනූෂා ප‍්‍රියදර්ශනී සහ ඇගේ පෙම්වතා වූ යුද හමුදා සෙබළකු වූ හේවා හඳුන් පතිරණ අශාන් ජයශාන්ත නමැති 23 හැවිරිදි තරුණයා අබිරහස් ලෙස ඝාතනය කර සිටිය දී පෙරේදා (13* සොයා ගැනුණි. තරුණියගේ හිසට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර තිබූ අතර තරුණයාගේ ගෙල සිරකර ඝාතනය කර තිබුණි.

ඝාතන සම්බන්ධව සෙවීමට ඇල්පිටිය මූලස්ථාන ‍පොලිසිය පරීක්ෂණ කණ්ඩායම් කීපයක් යොදවා ඇත.

ඝාතනයට ලක් වූ පෙම් යුවළගේ ජංගම දුරකථන දෙක, තරුණියගේ ‍පොත් බෑගය, තරුණයාගේ හැඳුනුම්පත් සහිත මුදල් පසුම්බිය, තරුණියගේ පාවහන් යුගල අතුරුදන්ව ඇතැයි ‍පොලිසිය පවසයි. පිටුවල, අඬාහැලෙන ඇල්ල අසලට මෙම යුවළ ගොස් ඇත්තේ ඉකුත් 11 දා ය. එදින දහවල් 11.00ත් 12.00ත් අතර කාලයේ දී දෙදෙනා එම ස්ථානයට යන්නට ඇති බව තරුණයා ඔහුගේ මිතුරකුට දහවල් 11.45ට යැවූ කෙටි පණිවුඩයෙන් අනාවරණය වන බව ‍පොලිසිය සඳහන් කරයි.

ඔහු එම කෙටි පණිවුඩය යවන අවස්ථාවේ මිතුරාගේ ජංගම දුරකථනය ක‍්‍රියා විරහිත වී තිබි ඇත. ඝාතනයට ලක් වූ තරුණයාගේ මිතුරන්ගේ ජංගම දුරකථන 10-15ක් පමණ පරීක්ෂා කිරීමට ද ‍පොලිසිය කටයුතු යොදා ඇත. මෙම පෙම් යුවළ ඝාතනය කර එය සියදිවි නසාගැනීමක් බවට ‍පොලිසිය නොමග යැවීමට මළසිරුරු අසල කෘමිනාශක බෝතලයක් ද සැකකරුවන් දමාගොස් තිබුණි. තරුණයාගේ මළ සිරුර තිබූ ස්ථානයේ වමනය කොටස් තිබූ බවත්, වස බි සියදිවි නසාගත්තේ නම් එම වමනය කොටස් අසල මැස්සන්, කෘමීන් මියගොස් සිටිය බුතු බව ද එවැනි ආකාරයෙන් එහි සතුන් මියගොස් නොසිටි බව ද ‍පොලිසිය සඳහන් කරයි.

මෙම ඝාතනය එක් අයකු හෝ දෙන්නකු එකතු වී සිදු කරන්නට ඇති බවත් ‍පොලිසිය සඳහන් කරයි. මළසිරුරු තිබූ ප‍්‍රදේශය ආශ‍්‍රිතව පුද්ගල පහරදීම්, බියගැන්වීම් මීට පෙර සිදුව තිබුණ ද ඒ සම්බන්ධව ‍පොලිසියට පැමිණිලි ලැබි නොමැතිවීම හේතුවෙන් පරීක්ෂණ කටයුතු සිදු නොකෙරුණි.

තරුණ ජෝඩු පැමිණෙන මෙවැනි ස්ථානවල විවිධ පහත් ආශාවන් සහිත පුද්ගලයින් ගැවසෙන බවත්, මෙම පෙම් යුවළ ද දිය ඇල්ල අසලට ගිය අවස්ථාවේ එම යුවළ වෙන්කර දෙදෙනාව ස්ථාන දෙකකට රැුගෙන ගොස් සිය ආශාවන් සංසිඳුවා ගැනීමට උත්සාහ කළා දැයි ‍පොලිසිය සැක පළ කරයි.

තරුණියගේ යට ඇඳුම ගලවා වෙනත් යට ඇඳුමක් අන්දවා ඇතැයි ද ‍පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

ඇල්පිටිය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ මෙහෙයවීම මත ඇල්පිටිය මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන ‍පොලිස් පරීක්ෂක රොහාන් පුෂ්පකුමාර මහාතා ඇතුළු නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මියගිය ශිෂ්‍යාවගේ මව වන දේවිකා ප‍්‍රියදර්ශනී (50* හඬා වැලපෙමින් මෙසේ කීවාය.
‘මගේ දරුවා ඉගෙන ගන්න හරි දක්ෂයි. පිළිවෙළට වැඩ කරනවා. ගෙදර වැඩත් හැම එකක්ම පුළුවන්. තාත්තා කුරුඳු තලන්නේ. ඒවාටත් උදව් දෙනවා.

අපේ පවු‍ලේ ගෑනු ළමයි තුන්දෙනාගෙන් දෙවැනි දරුවා තමයි මේ. මෙයා මාස හයක ඉඳලා පෙම් සම්බන්ධයක් ඇතිකරගත්තා අසල්වැසි සුනිල් මල්ලිගේ පුතා එක්ක. අපි ඒවාට විරුද්ධත්වයක් තිබුණේ නෑ. පසුගිය 11 වැනිදා උදේ 6.30ට පමණ පන්ති යනවා කියලා ගිය දරුවාගේ ටෙලිෆෝන් එක දවල් වෙනකම් වැඩ කළා. පන්ති ගියා කියලා යාළුවන්ගෙන් දැනගත්තා’ දේවිකා මහත්මිය පැවසුවාය.

මියගිය සෙබළාගේ මව වූ ඒ.එච්. නන්දනී මහත්මිය මෙසේ කීවාය.
‘පුතා පාබල හමුදාවට බැඳුණේ කරන්දෙණිය මහා විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව මීට වසර 3 1/2කට කලින්. ගමේ ආවාම යාළුවෝ මිත‍්‍රයෝ එක්ක රවුම් ගහන්න යන දරුවෙක් ‍නෙවෙයි මේ. අරක්කු සිගරැුට් පාවිච්චි කරන්නේ නෑ. මෙයාට එකම මල්ලි කෙනෙක් විතරයි ඉන්නේ. කරන කියන හැම දෙයක්ම අපිට කියලා තමයි මේ දරුවා වැඩ කරන්නේ.

Share this