DNA වාර්තාවෙන් හෙළිවුණ කොටකෙතනේ ඝාතන 6කට සම්බන්ධ සැකකරු (වීඩියෝ සහිතයි)

කහවත්ත, ඕපාතවත්තහිදී ඉකුත් සැප්තැම්බර් 28දා මරාදමා සිටි නාගම් පාපු නම් කන්තාවගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවටගත් තැනැත්තාගේ DNA ඊට පෙර මරාදැමූ කාන්තා මළසිරුරු 06 න් පරීක්ෂණ සඳහා ලබාගත් ආගන්තුක රුධිර හෝ ශුක‍්‍රාණු සාම්පලවල DNA සමග සැසදෙන බව අධිකරණයට අද වාර්තා කළා.

මොහු නීල් ලක්ෂ්මන් නැමැති 35 හැවිරිදි  අයෙක්. ඔහු කහවත්ත   ඕපාත වතුයායේ කම්කරුවෙක් ලෙස සේවය කරන්නෙක්. මීට මාස කිහිපයකට පෙර   ඕපාත වතුයායේ 49 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඉකුත් 11 වනදා අත්අඩංගුවට ගැනුණා.

සැකකරු ප‍‍්‍රදේශයේ සිදුවූ කාන්තා ඝාතන 6කට සම්බන්ධ බවට DNA පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව පැල්මඩුල්ල මහේස්ත‍‍්‍රාත් අධිකරණය හමුවේ අද කියා සිටියා. ඒ,  කොළඹ ජින්ටෙක් ආයතනය විසින් ලබා දී ඇති අදාළ වාර්තාව අපරාධ ඉදිරිපත් කරමින්. 

සැකකරු සමග උල් පිහියක්, වක් පිහියක් හා සැකකරුගේ ලේ තැවරුණු ඇඳුම් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා. එම නඩු භාණ්ඩ යොදාගනිමින් අදාළ DNA පරීක්ෂණ සිදුකර තිබෙනවා. සැකකරු ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මහේස්ත‍‍්‍රාත් අද අධිකරණය නියෝග කළේ.

කහවත්ත ප‍‍්‍රදේශයේ ඉකුත් වසර කිහිපය තුල කාන්තා ඝාතන 19 ක් සිදුව තිබෙනවා. අදාළ ඝාතනවලටද සැකකරුගේ සම්බන්ධයක් ඇත්දැයි වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ. 2011 වසරේදී කහවත්ත දිඹුල්වල ප‍‍්‍රදේශයේ අඹුසැමි යුවලක් ඝාතනයට තැත් කිරීමේ සිද්ධියකට ද නීල් ලක්ෂ්මන් නැමැති පුද්ගලයා සැකකරුවෙකු බව ප‍‍්‍රකාශ කෙරුණා.

කහවත්ත ප‍‍්‍රදේ්ශයේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගෙන සැකකරු මුදා හැරුණු අයෙකු බවද වාර්තා වනවා. නිහඬ චරිතයක් වන අදාළ පුද්ගලයා අත්අඩංගුවට පත්වන අවස්ථාවලදී ප‍‍්‍රදේශවාසීන් ඔහු අහිංසකයෙකු ලෙස හැදින්වූ බවද සඳහන්.

Share this