‘හා මවක්’දරු සෙනෙහස වෙනුවෙන් දරුණු වූ හැටි (VIDEO සහිතයි)

‘සටන්’ යන වචනය මිනිස් ලෝකයට මෙන් ම සත්ත්ව ලෝකයට ද පොදු කරුණක් වුවත් සත්ත්ව ලෝකයේ සිදුවන සටන් කැමරා කාචයකට හසු කර ගැනීමට අවස්ථාව උදා වන්නනේ, කලාතුරකිනි. එලෙස කැමරා කාචයට හසු කරගත් සතුන් දෙදෙනෙකු අතර සිදුවන දරුණු සටනක දර්ශන පෙළක් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රචලිත වෙමින් තිබේ.  

මෙම සටනේ විශේෂත්වය වන්නේ සත්ත්ව ලෝකයේ අහිංසක සත්ත්වයෙකු ලෙස සැලකෙන හා මවක දරුණු නාගයෙකු සමග සටනක පැටලීම ය. මෙම දර්ශන පෙළේ සිටින නාගයා ‘හා මව’ සහ පැටවුන් ජීවත් වූ නිවහනට පැමිණ එහි සිටි පැටවුන් ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ ක්ෂණිකව එම ස්ථානයට පැමිණෙන ‘හා මව’ දරුණු ලෙස නාගය සමග සටනට පිවිසෙන්නේ, දරු සෙනෙසේ තරම මිනිස් ලෝකයේ ඇතැමුන්ට ද කිය දෙමිනි.

හා මවගේ සපාකෑම් හමුවේ ගැලවීමට උත්සහ කරන නාගයාට යන්නට නොදී නැවත නැවතත් පොර බදිමින් ප්‍රහාර දීමට හා මව උත්සාහ කළ ඳ හා මවට බේරා ගැනීමට හැකි වන්නනේ, එක් පැටවෙකුගේ ජීවිතය පමණි. කෙතරම් අහිංසක වූවත් දරුවන්ගේ ප්‍රශ්න හමුවේ මවකට යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා යැයි යන කියමන වලංගු වන්නේ මිනිස් වර්ගයාට පමණක් නොවෙයි යන්න මෙම වීඩියෝවෙන් මනාවට පැහැදිලි වේ.


Share this