අතුරුදන් දැරියක් සොයා කිලිනොච්චියේ දැවැන්ත මෙහෙයුමක්

කිලිනොච්චිය, එළුක්කාඩුව ප්‍රදේශයේදී පසුගිය 21 වනදා අතුරුදන් වූ දැරිය සෙවීම සඳහා මේ වන විට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසි මෙහෙයුමක්ද දියත් කර තිබෙනවා. එහෙත් දැරිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව පොලීසිය පවසන්නේ. 

උදයකුමාර් යර්සිකා නමැති දැරිය මෙසේ අතුරුදන්ව තිබෙනවා. ඇගේ මව සමග දිය නෑමට ගොස් සිටියදී දැරිය අතුරුදන්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. එසේම මව සමග දිය නෑමට ගොස් සිටියදී දැරිය අසල්වාසියකු සමග නිවසට පිටත් කර හැරීමෙන් පසුව දැරිය අතුරුදන්ව ඇති බවටත් කතා පවතින බවයි වාර්තා වන්නේ. 

ගම්වාසීන් සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සමග එක්ව උරුදිපුරම්හි පාලු ඉඩම්, නිවාස මෙන්ම ඇල මාර්ග හා වැව් ආදියේ දැරිය සෙවීම සඳහා දැවැන්ත මෙහෙයක නිරත වන බවයි එහි සිටින අප වාර්තාකරු පැවසුවේ. 







ඡායාරූප - ලංකාදීප වෙබ් අඩවියෙනි
   

Share this