ආක්ෂට රට යන්න අවසර ලැබෙයි

ඩුබායි රාජ්‍ය සේවය කළ ඉන්දියා ජාතික ගණකාධිකාරීවරයෙකුගෙන් රුපියල් කෝටි 16 ක් වංචා කළැයි ඇප මත මුදා හැර සිටි ආක්ෂා සුදාරි නිළියට ලබන මාර්තු 24 වැනිදා තෙක් ඉන්දියාවේ ච්ත්‍රපටයක රඟපෑමට යෑමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අවසර දී තිබෙනවා. ඒ අනූව ඇයට පනවා තිබූ එතෙර ගමන් තහනම මාර්තු 24 වැනිදා දක්වා අත්හිටවෙනවා. 

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා තමා දුන් මුදල් වංචා කළැයි ගෝපි රාජ් කවලංගිල්  වඩක්කේ පට් පසුගිය වසරේ මැයි මාසයේ පැමිණිලි කර තිබුණා. ඩුබායි සමාගමක ගණකාධිකරයෙකු වූ පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් පවසා ඇත්තේ වසර ගණනාවක්ම ආක්ෂා සුදාරි සමග සමීප සබඳතා පැවැත් වූ බවයි. නඩු යළි විභාගය මාර්තු 25 ට කල් තැබුණා. 

Share this