ඉස්ලාම් විරෝධී සමුළුවට වෙඩි තැබූ දෙදෙනාට වෙඩි

ඇමෙරිකාවේ ඩලාස්හි අර්ධ නාගරික ප්‍රදේශයක මහමුද්තුමා ගැන පළ කෙරුණු කාටුන් සම්බන්ධයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී විවෘත ලෙස වෙඩි තැබීමට උත්සාහ කළ තුවක්කුකරුවන් දෙදෙනෙකුට වෙඩා තබා ඝාතනය කොට තිබෙනවා. ෆර්ලන්ඩ්හි කර්ටිස් කුල්වෙල් මධ්‍යස්ථානයේ සිටි සියලුම දෙනා එතැනින් ඉවත් කිරීමට පොලීසිය කටයුතු යෙදූ අතර මෙහිදී ආරක්ෂක නිලධාරියෙකු ද තුවාල ලබා තිබෙනවා. 

බෝම්බයක් තිබේදැයි යන සැකය මත තුවක්කරුවන් පැමිණි කාර් රථය පරීක්ෂාවට ලක් කළ බව පොලීසිය පවසනවා. ඉස්ලාම් දහම විවේචනය කරන පිරිසක් විසින් සංවිධානය කෙරුණු මේ උත්සවයේදී මහමුද්තුමාව ඇඳීමේ චිත්‍ර තරගයක්ද පැවැති බව පැවැසේ. නෙදර්ලන්තයේ ඉස්ලාම් විරෝධී දේශපාලනඥයකු වන ගීට් විල්ඩර්ස් ප්‍රකාශ කළේ මේ උත්සවයට තමාද සහබාගි වූ අතර වෙඩි ප්‍රහාරය පටන් ගැනීමත් සමග සුරක්ෂිතව එතැනින් ඉවතට පැමිණීමට හැකි වූ බවයි. 




Share this