පින්නවල සත්වෝද්‍යානය 17දා විවෘත කෙරේ

පින්නවල ශ‍්‍රී ලංකාවේ දෙවැනි සත්වෝද්‍යානය අපේ‍්‍රල් 17 වැනි දින දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවෘත කරන බව රඹුක්කන පළාත් සභා මන්ත‍්‍රී සන්දිත් සමරසිංහ මහතා පවසයි.

සත්වෝද්‍යානය විවෘත කරනු ලබන්නේ උසස් අධ්‍යාපන මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය පක්ෂ මහලේකම් කබිර් හෂිම් මහතා, සංචාරක හා ක‍්‍රිඩා අමාත්‍ය නවීන් දිසානයක, සංචාරක හා ක‍්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානයක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස යන මහත්වරුගේ ප‍්‍රධානත්වයෙන් උදෑසන 10.05 ට යෙදෙන සුබ මොහොතින් බව සන්දිත් සමහරසිංහ මහතා පවසා සිටියා.

පසුගිය රජය විසින් වසර ගණනාවක් තිස්සේ මෙම සත්වෝද්‍යානය විවෘත කරන බවට විවිධ කාල සීමාවන් තුළ ප‍්‍රචාරයන් ගෙන ගියත් මෙ වන තුරු එය වීවෘත කිරිමට නොහැකි විය. නමුත් නව රජයේ දින සීයයේ වැඩසටහනට සමගාමීව සත්වෝද්‍යානය විවෘත කිරිම නව රජය ලැබු ජයග‍්‍රහණයක් බවද එතුමා පෙන්වා දෙයි. රුපියල් මිලියන 483 ක් වියදම් කර මෙහි පළමු අධියරයේ වැඩ අවසන් කර තිබුණේ සබරගමු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ මැදිහත් විමෙන් හා උපදෙස් පරිදි පසුගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රජය විසින්ය. පසුව නව රජය විසින් එහි අඩුපාඩු සකස් කර මෙසේ විවෘත කිරිමට සැලසුම් කළේය.

පින්නවල අලි අනාථගාරයට නුදුරින් අක්කර 140 ක භූමි ප‍්‍රමාණයක් යොදා ගෙන සත්වෝද්‍යානය ඉදි කර ඇත. පළමු අධියරේ වැඩ කටයුතු සඳහා වාගොල්ල ගොවිපළ භුමියෙන් අක්කර 47 ක් සත්වෝද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන ඇත. පළමු අදියර සඳහා යොදා ගෙන ඇති මේ අක්කර 47 භූමි ප‍්‍රමාණය දෙහිවල සත්තුවත්ත මෙන් දෙගුණයකටත් වඩා වැඩි භූමි ප‍්‍රමාණයකි. මේ සඳහා පසුගිය රජය රුපියල් මිලියන 577 ක් වෙන් කර තිබුණි.

මෙ වන විට මෙහි ආරක්ෂිත තාප්ප, අභයන්තර මාර්ග පද්ධති ද සකස් කර ඇත. සතුන් රදවා තැබිමට අවශ්‍ය ස්ථාන, ජල ටැංකි නිල නිවාස හා සේවක නේවාසිකාගාර ආදි කොටස් රාශියකින් සමන්විතය.


Share this