අධිකරණ සංකේත සහිත කේක් ගෙඩියක් කපා නාමල් උපන් දිනය සමරයි (ඡායාරූප සහිතයි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය ඊයේ (10) යෙදී තිබුණි. මන්ත‍්‍රීවරයා ඊයේ (10) බෙලිඅත්ත කාල්ටන් පෙර පාසල් සමූහයේදී කේක් ගෙඩියක් කපා සිය උපන්දිනය සැමරීය. මේ අතර කාල්ටන් පෙර පාසලේ අලුත් අවුරුදු උත්සවයටද මන්ත‍්‍රීවරයා සහභාගී විය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු මෙන්ම නීතීඥයෙකුද වන නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දින කේක් ගෙඩිය නිර්මාණය කර තිබුණේ අධිකරණයේදී විනිසුරුවරුන් භාවිත කරන කෝට් හැමර් (Court Hammer) එකක් සහ පොතක් සහිතවයි.
මෙම අවස්ථාවට හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී විය.





Share this