අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහා නාහිමි අපවත් වෙති

මල්වතු මහනිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්‍ඛිත හිමියන් අපවත් වී තිබේ. සති කිහිපයක් සිංගප්පූරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ අද අළුයම අපවත් වු බව අස්ගිරි පාර්ශවයේ ආරංචිමාර්ග සදහන් කරයි.

උන් වහන්සේ අපවත් වන විට 85 වන වියේ පසුවිය.මාසයකට ආසන්න කාලයක් තිස්සේ උන් වහන්සේ රෝගාතුරව සිංගප්පුරුවේ ක්වීන් එලිසබෙත් රෝහලේ ප‍‍්‍රතිකර ලබමින් සිටියහ.1930 වසරේ මාර්තු 17 කුරුණෑගල උඩුගම ග‍්‍රාමයේ උපත ලද උන් වහන්සේ 1944 වසරේදී උපසම්පදාව ලබා ගන්නා ලදී.

මහ නායක හිමියන්ගේ දේහය අද රාත‍්‍රියේ ලංකාවට වැඩම කරවන අතර හෙට උදෑසන දේහය කොළඹ සිට මහනුවර දක්වා වැඩම කර වීමට නියමිතය.ඉන්පසුව හෙට සිට ලබන 12 වැනිදා දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහනුවරදී අවස්ථාව සලසා ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

Share this