සතුන් මරා උපන්දින පාටි දමන අයට හිමිවරුන් කියන්නත් ලැජ්ජයි

‘‘සත්වයින් ඝාතනය කරවලා, ඒ සත්ව මාංශවලින් තමයි එයාගේ උපන්දිනය සමරලා තියෙන්නේ’’
- අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රි බුද්ධරක්ඛිත මහානාහිමි


කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමාග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහානායක ධුරයෙන් පිදුම් ලැබූ ආචාර්ය ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමියන් පිළිගැනීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ උත්සවය සංවිධානය කර තිබුණා.

ඊට මහා සංඝ රත්නය නියෝජනය කරමින් ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක හිමිවරුන් සහ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු අන්‍යාගමික පූජක තුමන්ලා පිරිසක්ද එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රි බුද්ධරක්ඛිත මහානාහිමියන්, මේ වනවිට ශාසනය පත්ව ඇති තත්ත්වය පිළිබදව අදහස් පළ කළා.

"අපේ ශාසනය අද ක‍්‍රම ක‍්‍රමයෙන් පිරිහීමට පත්වීගෛන යනවා. ඉතින් මේ පිළිබදව යම් කිසි ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් ඉතාම නුදුරු කාලය තුළ අපේ රටින් මේ ශාසනය නැති වෙන්න පුළුවන්. ඇතැම් අය ඉන්නවා අද රහතන් වහන්සේලා හැටියට. ඉතින් ඒ විදිහට කටයුතු කරන අය තමයි මේ ඊයේ පෙරේදා සියලූම සත්වයින් ඝාතනය කරවලා, ඒ සත්ව මාංශවලින් තමයි එයාගේ උපන්දිනය සමරලා තියෙන්නේ. ඕවා දකිනකොට කොහොමද අපේ ජනතාව භික්ෂූන් වහන්සේලා කෙරෙහි ගෞරවය, භක්තිය ඇති කර ගන්නේ. මහා සංඝරත්නයට උපන්දින සැමරීම අවශ්‍ය නැහැ. ඒවා ගිහියන්ට අයිති වැඩ. මේවා නොකියා බැහැ. අපි හැදෙන්න ඕන. අපි හැදුනොත් තමයි අපට සමාජය, ජනතාව හදන්න පුළුවන්."

Share this