මොවුන්ගේ එක්වීමට ඇති ඉඩකඩ අහුරාදමන්නේ මාධ්‍ය බවත්, එසේ ඔවුන් ඈත්වන ආකාරයේ පුවත් පල නොකරන ලෙසත් ඒ මහතා මාධ්‍යයෙන් ඉල්ලීමක් කළේය.
ලියනගේ මහතා මේ බව කියා සිටියේ 18 වැනිදා නාවල පැවැති මාධය හමුවකදීය. ශ්‍රී ලංකා කම්කරු පක්ෂය විසින් මේ මාධය හමුව කැදවා තිබිණි.
වත්මන් ජනපතිවරයා සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ වෛරයෙන් වෛරය නොසන්සිදේ යන වැකිය පෙරදැරි කරගෙන බැවින් ඒ මෛත්‍රී ධාරාවට හිටපු ජනපති මහින්දවද එක්කර ගන්නා බව තමාට විශ්වාසයැයිද ඔහු කියා සිටියේය.
ඔහු මහින්ද හා මෛත්‍රී එක්වනවාමයි යනුවෙන් ශපථකර සිටි අතර ඊට තවත් බාධාවක් වන්නේ මෛත්‍රී මහතා හා මහින්ද මහතා වටේ සිටින පිරිස යැයි චෝදනාද කළේය.
එසේම තමා අතින්ද වැරදි සිදුවූ බවත්, ඒවා සම්බන්ධයෙන් පසුතැවෙන බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළ බවද ඔහු මෙහිදි අවධාරණය කළේය.
කෙසේවුවද මේ සම්බන්ධයෙන් පෙරළා ප්‍රශ්නකළ මාධ්‍යවේදියකු කියා සිටියේ හිටපු ජනපතිවරයා එවැනි කාරණාවක් ප්‍රකාශ නොකළ බවයි.
ඊට පිළිතුරු දුන් ලියනගේ මහතා තමා වැරදි හදාගෙන ඉදිරියට එන බව එක්තරා අවස්ථාවක පැවසූ බවද ඔහු කීය.
හිටපු ජනපතිවරයා අනිවාර්යයෙන්ම ඉදිරි මහ මැතිවරණයට තරගවදින බවත්, එය කුමන පක්ෂයෙන්ද යන්න පිළිබදව ස්ථිර නැතත් තරගවදින බව ස්ථිර යැයියද ඔහු පැවසීය.
එසේම ඉදිරි සති 3ක පමණ කාලය තුළ පෙරළිකාර දේ සිදුවිය හැකි බව කියා සිටියේය.
මේ අතර, ලියනගේ මහතාට අයත් අදාල ප්රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ නිවස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට දෙන්නෙ දැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට ඒ මහතාගෙන් ස්ථිර පිළිතුරක් නොලැබුණ අතර ඔහු එම නිවසේ ඡායාරූප කිහිපයක් ගැනීම මාධ්‍යට ඉදිරියේදී ප්‍රයෝජනවත් විය හැකි බව පමණක් කියා සිටියේය.
එසේම දේශපාලන ප්‍රබලයන් මුණ ගැසීමට ඉදිරි මැතිවරණයේදී එම ස්ථානයට පැමිණීමට සිදුවනු ඇති බවටද ඔහු ඉගි පල කළේය.
මේ ප්රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ මාධය ප්‍රකාශක එස්.වී.සී. ඇලෙක්සැන්ඩර් හා එම පක්ෂයේ මහ ලේකම් කසුනි ලියනගේ යන අයද සහභාගිවී සිටියහ.