Mar242015

ටෙලි නිළි හංසි සිතාරාට ගැසූ නිළි ආක්ෂා සුධාරිට වරෙන්තු

ටෙලි නාට්‍ය නිළියක් වන හංසි සිතාරා මහත්මියට නුගේගොඩ සැලුන් එකක් තුළදී පහරදීම හා ඇය සතු වටිනා ජංගම දුරකථනයක් සොරාගෙන යාම සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින ටෙලිනාට්‍ය නිළි ආක්ෂා සුධාරිට හා ඇගේ මවට වරෙන්තු නිකුත් කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඊයේ නියෝග කළේය. 

ටෙලි නාට්‍ය නිළියක් වන මේනකා මධුවන්ති, ආක්ෂා සුධාරි සහ ඇගේ මව වන මොහිදින් වහීදා යන තිදෙනා මෙම සිද්ධියේ සැකකාරියන් වන අතර නිළි මේනකා මධුවන්ති හැර සෙසු සැකකාරියන් දෙදෙනා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔවුන්ට එසේ වරෙන්තු නිකුත් කෙරිණි.


ආක්ෂා සුධාරි සහ ඇගේ මව අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඔවුන් නොමැතිව 192 වන වගන්තිය යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට අවසර ලබාදෙන ලෙස මිරිහාන පොලීසියේ පොලිස් කොස්තාපල් කෝසල (82128) මහතා කළ ඉල්ලීමකටද අධිකරණයෙන් අවසර ලැබුණා. 


Share this

More Gossip News