තව එකෙකුට වද දුන්නේ ඇයි රත්තරං

කුරුණෑගල ප‍්‍රාදේශයේ ගරාජයක අලූත්වැඩියා කටයුතු සඳහා ලබා දී තිබූ තමන් ට අයත් පෞද්ගලික වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් බව පවසමින් පසුගිය 20 වෙනි දින රැගෙන යාමට විරෝධය පළ කරමින් දකුණු පලාත් සභා මන්තී‍්‍ර කි‍්‍රශාන්ත පුෂ්පකුමාර මහතාඥ(රත්තරන්) (එජනිස) අද (24) උදෑසන ආරම්භ වූ පළාත් සභා රැස්වීමට ගොන් කරත්තයක නැගී පැමිණීම නිසා සභාව උණුසුම් විය.


"මෙය ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් නොවේ" යනු සඳහන් වූ පුවරු දෙකක් ගොන් කරත්තයේ ඉදිරිපසින් සහ පිටු පසින් සවිකර තිබූ අතර, පළාත් සභා පරිශ‍්‍රයට ගේට්ටුවෙන් ඇතුළට කරත්තයෙන්ම ගමන් කළ මන්තී‍්‍රවරයා ඉන් බැස මේ ගොන් කරත්තයත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පැමිණ එම කාර්යාලයේ වාහනයක් සේ සළකා රැගෙන ගිහහොත් යනුවෙන් පවසමින් පළාත් සභා පරිශ‍්‍රයේ කණුවක ගොන්කරත්තය ගැට ගැසීමෙන් පසුව සභා රැුස්වීමට සහභාගී වීම සඳහා සභාව තුළට පිවිසියේය.

ගොන් කරත්තයෙන් සභාවට පැමිණෙන මන්තී‍්‍රවරයාට විරෝධතාවය පළ කළ එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රන් තව එකෙකුට වද දුන්නේ ඇයි රත්තරං යනුවෙන් සඳහන් වූ පුවරු ප‍්‍රදර්ශනය කළහ. 














Share this