ජානිපේ නායක හිටපු ඇමැතිගේ බිරිඳ අත්අඩංගුවට

ව්‍යාජ නම් සහ උපන් දින ඇතුළත් කර සාමාන්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දෙකක් සකස් කළැයි සැකපිට හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ෂෙහාසා උදයන්ති මහත්මිය [ශෂී වීරවංශ]යන අද (22) පස්වරු 7.00ට පමණ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. ඒ අවිධිමත් ලෙස සාදන ලද රාජ්‍ය තාන්ත්‍රිකට ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් හා අගාමික හා විගාමික පනතේ 45 වන වගන්තිය අනුවයි. 

මාලඹේ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවට ලද තොරතුරකට අනුව එහි ගිය විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.  එසේම ඇය ශෂී වීරවංශ යන නමින්ද හඳුන්වා ඇති බවයි පොලීසිය පවසන්නේ. 

23 වැනි සඳුදා දින ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

Share this